IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගම්පහ ගංගාවලට ස්ථාන 170කින් අපද්‍රව්‍ය දමයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා සහ ඔයවල් තුනකට,  ස්ථාන 170 කින් අපද්‍රව්‍ය බැහැර කෙරෙන බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (පරිසර දූෂණ පාලන) ආචාර්ය සංජය රත්නායක මහතා සඳහන් කළේය.

සුරකිමු ගංගා වැඩ පිළිවෙළ යටතේ ගංගා පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් මේ යටතේ දිවයිනෙහි ප්‍රධාන ගංගා සහ ඔයවල් 103 ක දූෂණය වන ස්ථාන 10,000 ක් පමණ මේ වනවිට හඳුනාගනිමින් පවිත්‍ර කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට සිටියේ ගම්පහ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

ගංගා ජලය පානය කිරීම පිණිස ජනතාව වැඩි වශයෙන් ලබාගනිද්දී කර්මාන්තශාලා අපද්‍රව්‍ය සහ නිවාස ඇතුළු විවිධ ස්ථාන මගින් වැසිකිළි අපද්‍රව්‍ය පවා ගංගා සහ ඔය මාර්ගයන්ට සෘජුවම බැහැර කෙරෙන  තත්ත්වයක් පවතින බව අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගලා බසින කැලණි ගඟ, අත්තනගලුඔය සහ මාඔයෙහි දැනට අපවිත්‍ර කෙරෙන බවට හඳුනාගෙන ඇති ස්ථාන පවිත්‍ර කිරීම පිණිස පවතින ගැටළු අදාල ප්‍රදේශයන්හි ග්‍රාමීය හා ප්‍රාදේශීය කමිටු මගින් හදුනාගනිමින් දිස්ත්‍රික් කමිටුව වෙත යොමු කළ යුතුව ඇති බව සංජය රත්නායක මහතා පැහැදිලි කළේය.



අදහස් (0)

ගම්පහ ගංගාවලට ස්ථාන 170කින් අපද්‍රව්‍ය දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site