IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්පහ මහ රෝහලේ හෙද නිලධාරීහු ලෙඩ වෙති

(තිලකරත්න  දිසානායක)

කොරෝනා වසංගත තත්ත්වය යටතේ සේවයෙහි නිරත හෙද හෙදියන්ට විශේෂ නිවාඩු සහ ආරක්ෂිත පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (22) උදෑසන සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති.

සේවාවට වාර්තා නොකළ ද මානුෂිකව සලකා දැඩි සත්කාර ඒකක ඇතුළු හදිසි ප්‍රතිකාර සදහා සිවිල් ඇදුමින් සැරසී  හෙද කාර්ය මණ්ඩලය කටයුතු කරන බව පැවසූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ ශාඛාවෙහි ලේකම් හේම කාන්ති අත්තනායක මහත්මිය, මෙම වර්ජනයට රෝහලෙහි 450 ක් පමණ වන සමස්ත හෙද කාර්ය මණ්ඩලයම එක්ව සිටින බවද කීවාය.

අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා මාස දෙකක පමණ කාලයක් ආයතන මට්ටමින් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මෙන්ම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් ඉදිරිපත් කොට ඇතත් විසදුමක් නොලැබුන බවද ලේකම්වරිය ප්‍රකාශ කළාය.

මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය  සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , හෙද හෙදියන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණ ද රෝහලෙහි සෑම අංශයක්ම උපරිමව පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවය.  



අදහස් (0)

ගම්පහ මහ රෝහලේ හෙද නිලධාරීහු ලෙඩ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site