
(තිලකරත්න දිසානායක)
ගම්පොල සිට කොළඹට රැගෙන යමින් තිබූ කසළ තේ කිලෝ 10,000 ක තොගයක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) උදෑසන යක්කල නගරයේ දී සිය බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබී ඇති තොරතුරක් මත මෙම පරීක්ෂාව කර තිබේ.
ලොරි රථ දෙකකින් රැගෙන යමින් තිබූ කසළ තේ තොගය සමග ගම්පොල , වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ද සමඟ අත් අඩංගුවට ගෙන ඇති බව යක්කල පොලිස් ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතා පැවසීය.
සැකකරුවන් සහ කසළ තේ තොගය යක්කල පොලීසියට බාරදීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd