අත්තනගල්ල ඉඩම් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු අල්ලස් දැලේ අත්තනගල්ලේ ඉඩම් ලියාපදිංචි දෙපාර්තමේන්තු කාර්යාලයේ කනිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු රුපියල් 500ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 17 February 2021
නාගොඩ මහරෝහලේ කනිෂ්ඨ සේවකයෝත් වර්ජනයේ ඉල්ලීම් එකොළහක් මුල් කරගනිමින් නාගොඩ මහ රෝහලේ කණිෂ්ඨ රෝහල් සේවකයෝ අද(17) පැය 4ක වැඩ වර්ජනයකට එක් වූහ. 17 February 2021
රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට පොළොන්නරුව හතමුණ හරහා හිඟුක්ගොඩ මාර්ගයේ නයිපෙන විහාරය අසලදී අද(17) යතුරු පැදියක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි. 17 February 2021
කෑගල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් වැඩ වරති ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් සංකේත වැඩ වර්ජනයක් අද (17) කෑගල්ල මහරෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ. 17 February 2021
අ’පුර රෝහලේ කණිෂ්ඨ සේවකයෝ සංකේත වැඩ වර්ජනයක ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ සේවකයන් අද (17) දින 6 සිට දහවල් සිදුකළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වූහ. 17 February 2021
පූජාවට ආ පිරිසකට බඹරු අනිති හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට ඉහළින් බැද තිබෙන විශාල බඹර කුඩුවක බඹරුන් ඇවිස්සී අද (17) අළු බදාදා ජුජාවට සහභාගී විම සදහා දේවස්ථානයට පැමිණ සිටි පිරිසකට බඹරු ඇන තිබේ. 17 February 2021
බෝර 12 තුවක්කුවක් හා පතුරම් 13 ක් සමග අයෙක් දැලේ බෝර දොළහේ තුවක්කුවක් හා ඊට දැමිය හැකි පතුරම් 13 ක් සමග පුද්ගලයෙකු අද (16) රාත්‍රියේ මාවඩවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව තෙලිකඩ පොලීසිය කියයි. 16 February 2021
ට්‍රැක්ටරයෙන් ඇද වැටී ඉඩම් හිමිකරු මරුට මිනුවන්ගොඩ කුඩාගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක පස් කැපීම සඳහා බැකෝ යන්ත්‍රයක් රැගෙන ආ ට්රැක්ටරය පැදවීමට උත්සාහ කළ ඉඩම් හිමිකරු එම ට්‍රැක්ටරයෙන් බිමට වැටී මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය අද (16) පැවසීය. 16 February 2021
තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට එති තංගල්ල නගරසභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 5දෙනක් අද(16) කළු පටි පැළඳ සභාවාරයට සහභාගී වූහ. 16 February 2021
ලක්ෂ 50 ක රන් භාණ්ඩ සොරාගත් දෙදෙනක් අත්අඩංගුවට කෝටිපති කාන්තාවකගේ නිවස බිඳ රුපියල් ලක්ෂ 50කට ආසන්න රන් භාණ්ඩ සහ මැණික්, දියමන්ති මෙන්ම මෙරට මුදල් තොගයක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 16 February 2021
කල්පිටිය භීක්ෂූන් වහන්සේලා සාමකාමී විරෝධතාවයත් කල්පිටියේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් පිරිසක් ජනතාව සමඟ අද (16) සාමකාමී විරෝධතාවයක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණී. 16 February 2021
මූර්වීදියෙන් ලක්ෂ 6 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි මන්නාරම ,මූර් වීදිය වැව අසලදී රුපියල් ලක්ෂ 6 ක් වටිනා කේරළ ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 468 සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 16 February 2021
විදුලිසැර වැදී කතක් මරුට බදුල්ල රිදීපානවත්ත රිදීපාන ප්‍රදේශයේ වියපත් කාන්තාවක් අද (16) උදෑසන විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 16 February 2021
මාතලේ උප නගරාධිපති ධූරයට මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න මහතා අද (16) තේරි පත් විය. 16 February 2021
ඉමදූව ප්‍රා. සභාව උණුසුම් වෙයි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී අරුණ මහතා ප්‍රකාශයක් හේතුවෙන් අද (16) පැවති ඉමදූව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම උණුසුම් විය. 16 February 2021
රිය අනතුරකින් ඇමති ආරක්ෂක අංශයේ කොස්තාපල් මරුට බිබිල-මොනරාගල මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේදී අද (16) අලුයම පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක යතුරුපැදියක් ගැටීමෙන් වූ අනතුරින් යතුරු පැදිකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බිබිල පොලීසිය පවසයි. 16 February 2021
පරිහරණයට නුසුදුසු පළතුරු බීම නිපදවූ කම්හලක් වටලයි පරිහරනයට නුසුදුසු, බාල ප්‍රමිතියෙන් පළතුරු බීම නිෂ්පාදනය කළ කම්හලක් වටලා, බීම බෝතල් 1146ක් සිය බාරයට ගත් බව කෝට්ටමුනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් මිතුන්රාජ් මහතා පැවසීය. 16 February 2021
හෙරොයින් ළඟ තබාගත් අයෙක් ගාල්ලෙන් අල්ලයි කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් ගාල්ල බස් නැවතුම්පොළ අසලදි හෙරොයින් ග්‍රෑම් 30ක් සමග පුද්ගලයෙකු අද (16) අලුයම අත් අඩංගුවට ගෙන ඇත. 16 February 2021
කෑගල්ලේ ඇදුම් මැසීමේ ආයතනයක් වසාදමයි කෑගල්ල නගරයේ පවත්වාගෙන ගිය ඇඳුම් මස ආයතනයක් වසා දැමීමට කටයුතු කළ බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා අද (15) පැවසීය. 15 February 2021
පාසල් සිසුවෙක් දියේ ගිලී මිය යයි තංගල්ල වගේගොඩ ජලාශයේ දියනාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු අද (15) සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. 15 February 2021
ලක්ෂ 40 කහ තොගයක් වෙන්නප්පුව මාඔය කලපු තීරයේ වෙන්නප්පුව මාඔය කලපු තීරයේදී රුපියල් ලක්ෂ 40කට ආසන්න කහ කිලෝ 1164 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හලාවත කොට්ඨාස බුද්ධි අංශ අද(15) අත්අඩංගුවට ගෙන තිබේ. 15 February 2021
කසළ තේ කිලෝ 2300ක් තලවකැලෙන් අල්ලයි කොටගල නගරයේ සිට ගම්පොල ප්‍රදේශයට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2300 ක තොඟයක් අද (15) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 15 February 2021
ඉන්දියානු ආධාර යටතේ වලහන්දුවට වතු නිවාස 50ක් ඉන්දියානු ආධාර යටතේ ඉදිවන වතු නිවාස 50ක් සඳහා මුල් ගල් තැබීම අද (15) දිනගාල්ල අක්මීමන වලහන්දුව වතුයායේ දී සිදුකෙරිණි. 15 February 2021
රක්වානේ රාජ්‍ය බැංකුවක් වසාදමයි රක්වාන නගරයේ රාජ්‍ය බැංකුවක සේවකයෙකු කොරොනා ආසාදිතයකු වීම හේතුවෙන් එම බැංකුව අද(15) සිට වසා දමා තිබේ. 15 February 2021
අනවසරෙන් විදුලි රැහැන් අදින්න ගිය අය විදුලිය වැදී මිය යයි වැලිපැන්න ලුල්බද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු, ඔහු විසින් ම අනවසරෙන් අදින ලද විදුලි රැහැනකින් විදුලිසැර වැදී අද (15) මියගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. 15 February 2021
ජයන්තිපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුට මැර ප්‍රහාරයක් පොලොන්නරුව,ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ සියළුම කාර්ය මණ්ඩල අද (15) පෙරවරුවේ සිට සිය රාජකාරීවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතව සිටින බව මින්නේරිය පොලිසිය පවසයි. 15 February 2021
සංගමන්කන්දේ රියඅනතුරකින් රියැදුරු පුහුණුකරුවෙක් මියයයි පොතුවිල අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ සංගමන්කන්ද ප්‍රදේශයේදී අද (14) සවස 3.30 ට පමණ වෑන් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ රියැදුරා මියගොස් ඇති බව පොතුවිල පොලීසිය පවසයි. 14 February 2021
ඒ - 9 මාර්ගයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා කඩු හා තියුණු ආයුද රැගෙන අද (14) දහවල් පැමිණි පිරිසක් විසින් යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය, විලවාඩි මංසන්ධිය අසලදී පුද්ගලයකු කපාකොටා ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනකුට පහරදී ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 14 February 2021
ගොළුවාමුල්ලේ ජීව අත්බෝම්බයක් ඇල්පිටිය පොලිස් වසමට අයත් ගණේගොඩ ගොළුවාමුල්ල ප්‍රදේශයේදී ජීව අත් බෝම්බයක් සමග සැකකරුවකු අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 14 February 2021
දුම්රිය මැදිරි 4ක් ලීයෙන් ප්‍රතිනිර්මාණය කරයි වසර 30ක් ඉපැරණි යකඩ මැදිරි හතරක් ලී මැදිරි ලෙස ප්‍රති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල රත්මලාන දුම්රිය අංගන වැඩවීමේ සිදුකෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද(14) පැවසීය. 14 February 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026