IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ 50 ක රන් භාණ්ඩ සොරාගත් දෙදෙනක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                   

කෝටිපති කාන්තාවකගේ නිවස බිඳ රුපියල් ලක්ෂ 50කට ආසන්න රන් භාණ්ඩ සහ මැණික්, දියමන්ති මෙන්ම මෙරට මුදල් තොගයක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මාදිවෙල, ධර්මපාල මාවත ප්‍රදේශයේ පදිංචි (73) වැනි වියේ පසු වූ කෝටිපති කාන්තාවකගෙන් මෙලෙස මුදල් සොරාගෙන තිබේ.

 

ධනවත් කාන්තාව තම නිවසේ සේවය සඳහා සිටින ගෘහ සේවිකාව සමඟ ඉකුත් (11) දා දින කොළඹ ප්‍රදේශයේ පිහිටි තරු පංතියේ ප්‍රධාන හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී නිවසට පැමිණීමේ දී නිවසේ උඩු මහලේ පිහිටි නිදන කාමරයේ ජනේලයක් විවෘත කර ඇති බව දැක ඇත.

 

එයින් කලබලයට පත්වූ ගෘහ සේවිකාව සහ කාන්තාව නිවසේ දොර විවෘත කර උඩු මහලේ පිහිටි නිදන කාමරය දෙසට ගොස් පරීක්ෂාකර බැලීමේදියි කාමරය තුළ තිබූ අල්මාරි සහ වානේ කබඩ් තුළ තිබූ බඩු බාහිර ආදිය ඇද දමා ඇති බව දක්නට ලැබිණි.

 

එම අල්මාරි ලාච්චුවල දමා තිබූ රුපියල් ලක්ෂ 45කට අධික රන් හා මුතු මැණික්වලින් සෑදූ ස්වර්ණාභරණ හා රුපියල් 150,000 පමණ මුදල් හා ඇමරිකානු ඩොලර් 3000 ක මුදල් ප්‍රමාණයක්  සොරාගෙන ගොස් ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුව  මිරිහාන මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවත් පොලීසිය පවසයි.



අදහස් (0)

ලක්ෂ 50 ක රන් භාණ්ඩ සොරාගත් දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site