(රංජිත් රාජපක්ෂ)
හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට ඉහළින් බැඳ තිබෙන විශාල බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී අද(17)ට යෙදී තිබූ අළු බදාදා පූජාවට සහභාගී වීමට එහි පැමිණි කිතුණු බැතිමතුන් පිරිසකට ඇන ඇතැයි දේවස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දේව මෙහෙයට සහභාගි වු 7 දෙනෙකුට පමණ මේ හේතුවෙන් තුවාල ලැබූබවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් ඔහු පැවසීය.
ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සහ තද සුළං තත්ත්වය හමුවේ බඹරුන් ඇවිස්සී ඇත.
පිරිසට බඹර ඇනීමත් සමඟ පුජාවට පැමිණි පිරිස දේවස්ථානය තුළට රැගෙන දේවස්ථානයේ සියලුම දොර ජනේල වසා දමා පුජාව පැවැත්වීමට එම දේවස්ථානය බාර පියතුමන්ලා කටයුතු කර තිබේ.
ප්‍රධාන පාසලක් , හැටන් දුම්රිය ස්ථානය යාබදව පිහිටි මෙම දේවස්ථානයේ මිට ප්‍රථම අවස්ථා කිහිපයකදී බඹර කුඩූ බැද තිබූ බවත්, එම බඹර කුඩූ ඉවත් කිරිමෙන් පසු මීට සතියකට පෙර අලුතින් බඹර කුඩුවක් දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට ඉහළින් බැද ඇති බව එම දේවස්ථානයේ පුජාවට පැමිණි බැතුමතුන් කියා සිටියේය.

2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පූජාවට ආ පිරිසකට බඹරු අනිති