
(එම්. සුසිල් ප්‍රියන්ත)
බෝර දොළහේ තුවක්කුවක් හා ඊට දැමිය හැකි පතුරම් 13 ක් සමග පුද්ගලයෙකු අද (16) රාත්‍රියේ මාවඩවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව තෙලිකඩ පොලීසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී මේ තුවක්කුව සමග පතුරම් තොගය සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
සැකකරු හෙට (17) බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තෙලිකඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd