IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට එති


(අනීෂා මානගේ)
 
තංගල්ල නගරසභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 5දෙනක් අද(16) කළු පටි පැළඳ සභාවාරයට සහභාගී වූහ.
 
පොදුජන පෙරමුණ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී විමල් හේවා දුනුවිල, ගයාන් සමිද්ද, ඩබ්ලිව්.පී.ආරියදාස, කේ.එච්.ගුණරත්න සහ ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි යන මහත්වරු මෙලෙස කළු පටි පැළඳ සභාවාරයට සහභාගී වූහ.
 
තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා විසින් පොදුජන පෙරමුණු මන්ත්‍රී ශාන්ත නිහාල් අන්ද්‍රාහැන්නදි මහතාට දුරකතනයෙන් බැණ තර්ජනය කළ බව කියන සිද්ධියකට විරෝධය දැක්වීමක් ලෙස ඔවුහු කළු පටි පැළඳ සභාවාරයට පැමිණ සිටියහ.
 
තංගල්ලේ මාර්ගයකට ගල්කුඩු ඇතිරීම සඳහා මිල ගණන් අනුමත කිරීමට ඉකුත් 26 වැනිදා පැවැති ටෙන්ඩර් සහ කර්මාන්ත කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මුල්කරගෙන සභාපතිවරයා විසින් තමාට දුරකතනයෙන් බැණ තර්ජනය කළ බවට ශාන්ත නිහාල් මහතා ඉකුත් 27 වැනිදා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර තිබිණි.
 
අදාල මන්ත්‍රීවරයාට තමා තර්ජනය නොකළ බව සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා කීය. මෙම සිද්ධියට විරෝධය දක්වමින් පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවාරයට සහභාගී වූ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් අද පැවැති සභාවාරයේදී සභාපතිවරයා මන්ත්‍රීවරුන් සමඟ සුහදව සාකච්ඡා කළේය.
 
තමාගෙන් වැරැද්දක් වූවා නම් සමාව ගැනීමට තමා නොපැකිලෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන් සහ සභාපතිවරයා ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර සමථයකට පත්වූ අතර තමන් පැළඳ සිටි කළු පටි සභාව තුළදීම ගලවා දැමීමට ක්‍රියාකළහ. 



අදහස් (0)

තංගල්ල නගර සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13506 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site