IMG-LOGO

අනවසරෙන් විදුලි රැහැන් අදින්න ගිය අය විදුලිය වැදී මිය යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිපැන්න ලුල්බද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු, ඔහු විසින් ම  අනවසරෙන් අදින ලද  විදුලි රැහැනකින් විදුලිසැර වැදී  අද   (15) මියගොස් ඇතැයි  වැලිපැන්න පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වැලිපැන්න, ලුල්බද්දුව, හතරෙ කනුව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.පී.ඉන්දික  (37) විවාහක පුද්ගලයෙකි

මියගිය පුද්ගලයා ඌරන්ට විදුලිසැර වද්දවා මැරීමට කටයුතු කරමින් සිටියදී  මෙලෙස විදුලි සැර වැදෙන්නට ඇතැයි සැක කළ හැකි යයි පොලිස් නිලධාරියෙක් පවසයි.

මාර්ගයේ ගමන් ගමන් ගත් පුද්ගලයෙකු පාපැදියක් පමණක් තිබෙනු  දැක  ඒ පිළිබඳව විමසිලිමත් වීමේදී මියගිය අයගේ මළ සිරුර වෙලේ  වැටී තිබෙන අයුරු දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිසිය කියයි.

එම ස්ථානයට පැමිණි වැලිපැන්න පොලිසිය  මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර අසල විදුලි රැහැනක් තිබෙණු දැක  වහා ක්‍රියාත්මක වී  විදුලි බල මණ්ඩලයට  ඒ බව දන්වා එම ප්‍රදේශයේ  විදුලිය විසන්ධි කිරීමට ප්‍රථමයෙන් පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.  

එම පුද්ගලයා, මියයාමට පෙර පාපැදියකින්  ලුල්බද්දුව  ප්‍රදේශයට අද (15) අලුයම පාපැදියකින්  පැමිණ  පාපැදිය ගසකට හේත්තු කර මාර්ගයේ විදුලි කණුවකට නැග සැපයුම් විදුලි වයරයට අමතර වයරයක් සම්බන්ධ කර  එම වයරය කැලෑව දෙසින් වෙල දෙසට රැගෙන ගොස්  තවත් වයරයකට සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී වෙලට වැටෙන්නට ඇති බව වැලිපැන්න පොලිසිය කියයි.
 



අදහස් (0)

අනවසරෙන් විදුලි රැහැන් අදින්න ගිය අය විදුලිය වැදී මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site