
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉල්ලීම් එකොළහක් මුල් කරගනිමින් නාගොඩ මහ රෝහලේ කණිෂ්ඨ රෝහල් සේවකයෝ අද(17) පැය 4ක වැඩ වර්ජනයකට එක් වූහ.
කණිෂ්ඨ රෝහල් සේවක සේවිකාවන් 150 ක් පමණ පිරිසක් රෝහලේ භික්ෂු වාට්ටුව ආසන්නයේ තැන තැන රැඳී සිටින අයුරු දැකගත හැකි විය.
රෝහලේ සිටින 676 ක්වූ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයෙහි 230 දෙනෙක් දිවා සේවයට වාර්තා කර ඇති අතර එයින් 160 දෙනකු වැඩ වර්ජනයේ නිරතව ඇති බව රෝහල් බලධාරියෙක් පැවසීය.
එහෙත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතු බැවින් කණිෂ්ඨ සේවකයින් 70 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකය, ශල්‍යාගාර, මුළුතැන්ගෙය, රසායනාගාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා යොමු කර ඇති බව රෝහල් බලධාරියා වැඩිදුරටත් කීය.
වර්ජනය පෙරවරු 8 ට ආරම්භ වී 12.00 දක්වා පැවති අතර මේ හේතුවෙන් බාහිර රෝගී අංශය සහ සායන වෙත පැමිණි බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයකට පත් විය.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාගොඩ මහරෝහලේ කනිෂ්ඨ සේවකයෝත් වර්ජනයේ