
(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී අරුණ මහතා ප්‍රකාශයක් හේතුවෙන් අද (16) පැවති ඉමදූව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම උණුසුම් විය.
ශ්‍රී ලංකාවේ දැඩි පරිසර විනාශයක් සිදුවන බවත් ඊට විරෝධය දැක්වීමක් ලෙස සභාවට රඹුටන් පැළයක් ගෙන ඒමෙන් එයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරුද්ධ වීමෙන් සභාව උණූසුම් වී තිබේ.
අරුණ මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉමදුව සභාව ශ්‍රී ලංකාවේ දූෂිතම ප්‍රාදේශීය සභාව බවයි.
මේ අවස්ථාවේදී නැගී සිටි සභාපති ඒ .වී.සරත් කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ අරුණ මන්ත්‍රීවරයා ප්‍රකාශ පරිදි මෙම සභාව දූෂිත නම් විගණන වාර්තා වලින් ඒ බව සනාථ වී තිබේද යන්නයි. එසේ නොමැතිව කිසිම සාක්ෂියක් නොමැතිව මෙසේ ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවයි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී අමරසේන ලියනපතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ දූෂිත සභාව යැයි ප්‍රකාශ කිරීම වහාම ඉල්ලා අස්කර ගත යුතු බවයි.
කෙසේ වෙතත් අරුණ මන්ත්‍රීවරයා තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කර සිටියේය.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉමදූව ප්‍රා. සභාව උණුසුම් වෙයි