(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව මාඔය කලපු තීරයේදී රුපියල් ලක්ෂ 40කට ආසන්න කහ කිලෝ 1164 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හලාවත කොට්ඨාස බුද්ධි අංශ අද(15) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වෙන්නප්පුව, ඉරණවිල, කරුකුපනේ පදිංචිකරුවන්ය. වැටලන අවස්ථාවේදි පලා ගිය සැකකරුවකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් නිලධාරීහු පවසති.
කහ තොගය කිසිදු ලෙසකින් ජලය කාන්දු නොවන පොහොර උර 33 ක බහා තිබු බව ද ඉන්දියාවේ සිට යාත්‍රා උපයෝගි කර ගනිමින් මෙරටට රැගෙන විත් ඇති බව ද හලාවත කරුකුපනේ වෙරළ තීරයට ගොඩ බෑමට නියමිතව තිබුනද රැගෙන ආ ජාවාරම්කරුවන්ට ලැබුණු තොරතුරු මත හදිසියේ එය නවතා වෙන්නප්පුව මාඔය කලපුව දක්වා ප්‍රවාහනය කර ගොඩබිමට රැගෙනවිත් තිබියදි අත්අඩංගුවට ගත් බවද නිලධාරිහු පවසති.
කහ තොගය කිසිවකුට සැක නොසිතන අයුරුන් මාළු ප්‍රවාහනයට යොදා ගන්නා ශීතාගාර සහිත ලොරි රථයකින් ප්‍රවාහනයට සුදානම් කර තිබී ඇත. සැකකරුවන්ගෙන් කළ පාපොච්චාරණයේදි පවසා ඇත්තේ ශිතාගාර සහිත ලොරි රථයේ පසුපස කොටස අයිස් සහිත පෙට්ටිවල අසුරා කහ තොගය සැකනොසිත අයුරින් රැගෙන යාමට සැලසුම් කර තිබු බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 40 කහ තොගයක් වෙන්නප්පුව මාඔය කලපු තීරයේ