IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මූර්වීදියෙන් ලක්ෂ 6 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි

(සිතුම් චතුරංග)      

මන්නාරම ,මූර් වීදිය වැව අසලදී රුපියල් ලක්ෂ 6 ක් වටිනා කේරළ ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 468 සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.         

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී සැකකරු හා කේරළ ගංජා තොගය සොයාගත් බවද පැවසීය.

සැකකරු වෙනත් ප්‍රදේශයක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.         

පොලිසිය පැවසූයේ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් කේරළ ගංජා තොගයක් රැගෙනවිත් සැකකරු මීට පෙර ජාවාරම්කරුවන් වෙත අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්ය.        

සැකකරු මන්නාරම , පල්ලිමුණෙයි පදිංචි වයස අවුරුදු 25 තරුණයෙකි.         

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය හා සැකකරු මන්නාරම මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

මූර්වීදියෙන් ලක්ෂ 6 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31318 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site