වෙනිවැල්ගැට කිලෝ 16ක් යතුරුපැදියෙන් ගෙනියද්දී අල්ලයි බලපත්‍රයක් නොමැතිව වෙනිවැල්ගැට කිලෝග්රැම් 16ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු හෝමදොළ ප්‍රදේශයේ දි ඊයේ පස්වරුවේ දි අත්අඩංගුවට ගෙන පසුව පොලීස් ඇපමත මුදාහැර ඇතැයි උඩුගම පොලීසිය පවසයි. 14 February 2021
අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (14 ) පැවැත්වෙන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට තමන් අද (13) පස්වරුවේ තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය කියයි. 13 February 2021
කොස්ලන්දෙන් ගංජා තවාන් හමුවේ කොස්ලන්ද දෙමටපෑලැස්ස ප්‍රදේශයේ කැලෑවකින් ගංජා තවාන් කොටස් 12ක් අද (13) හමුවූ බව කොස්ලන්ද පොලිසිය කියයි. 13 February 2021
ගෙල කපා ඝාතනය කරලා නෙලුව මැදගම ප්‍රදේශයේදි ඊයේ (12) රාත්‍රි පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි නෙලුව පොලිසිය පවසයි. 13 February 2021
අරණායක විදුහලක 2 ශ්‍රේණිය වසාදමයි අරණායක ප්‍රාථමික විද්‍යාලයක දෙක ශ්‍රේණිය අද (13) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ගැවිලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක යු.පී. බී. හේරත් මහතා පැවසීය. 12 February 2021
පාතහේවාහැට ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා පාත හේවාහැට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට කොවිඩ්-19 වයිරසය තහවුරු වී ඇති බවට අද (12) තහවුරු වී ඇතැයි ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 12 February 2021
ලක්ෂ 35 ක මුදල් වංචා කර සැඟව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට දඹදිව වන්දනාවේ රැගෙන යන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ 35 කට අධික මුදලක් වංචා කර රත්නපුරේට පලා ගොස් සැඟවී සිටී පුද්ගලයෙක් අද (12) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. 12 February 2021
ලංගම බස් රියදුරු ආසාදිතයකු වීමෙන් පවුල් තුනක 14 ක් නිරෝධායනයට මීගමුව ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පවුල් තුනක 14 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් මහතා අද(12) පැවසීය. 12 February 2021
හෙරොයින් ළඟ තබාගත්තාට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 382ක් සහ මිලිග්‍රෑම් 3ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව අධි චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා අද (12) මරණ දණ්ඩනය නියම කළේය. 12 February 2021
පුද්ගලයකු ඝාතනය කර යතුරු පැදියක ගැට ගසා ඔයකට තල්ලු කරලා පුද්ගලයකු ඝාතනය කර යතුරුපැදියක ගැටගසා හොරණ මීවනපලාන පුහුවල මාවක් ඔයට දමා තිබියදී, එම සිරුර අද(11) මීට සුළු මොහොතකට පෙර දී හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 February 2021
සරසවි සිසුන්ගේ පන්ති තහනම ඉවත්කරන්නැයි විරෝධතාවක් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (11) අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්විණි. 11 February 2021
පාසල් සිසුවියක් ලොරියට ගැටී මිය යයි පාසැල නිමවී සිය නිවෙස බලා යමින් සිටි 12 හැවිරිදි පාසැල් සිසුවියක අද (11) පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ ප්‍රදේශයේදී ලොරියක ගැටී මරුමුවට පත්වී ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 11 February 2021
නිරෝධායනයේ සිටියදී පලා ගිය රැඳවියකු වනාතමුල්ලෙන් අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පලාගිය රැඳවියන් දෙදෙනාගෙන් එක් රැඳවියකු එදිනම වනාතමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 11 February 2021
මහරගම නගර සභාවට දෙන ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා මහරගම නගරසභාව යටතේ ධාවනය වන වාහනවලට දෛනිකව ලබා දෙන ඉන්ධනවලට භූමිතෙල් මිශ්‍ර කර ලබාදීමේ වංචාවක් පිළිබඳව වාර්තා වී ඇතැයි මහරගම නාගරික මන්ත්‍රී සුරේෂ් නිශාන්ත මහතා (ජ.වි.පෙ ) පැවසීය. 11 February 2021
අහංගම ප්‍රාථමික විදුහලක 3 ශ්‍රේණිය වසාදමයි කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කම්හලක සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි තහවුරු වීම හේතුවෙන්, ගුරුවරියක වූ ඔහුගේ බිරිද උගන්වනු ලබන අහංගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක 3 වන ශ්‍රේණිය තවකාලිකව වසා දැමු බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 11 February 2021
නිදි යහනේ දී කපා කොට පුද්ගලයකු ඝාතනය කරයි පාදුක්ක තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇඳක නිදා සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි. 11 February 2021
නිරෝධායන නීති නොතකා එක පොදියට ත්‍රිරෝද රථවල ගිහින් නිරෝධායන නීතිරීති උල්ලංඝණය කරමින් ත්‍රිරෝද රථ දෙකකින් ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි. 11 February 2021
කොටගල සතිපොළවල් 3ක් යළි අරී කොවිඩ් ආසාදිත වෙළඳුන් හමු වීමත් සමග තාවකාලිකව වසා දමා තිබූ කොටපොළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සති පොළවල් 03ක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් යළි විවෘත කිරීමට අවසර ලබා දුන් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා අද (11) පැවසීය. 11 February 2021
පුත්තලමේ පාසලක 3 ශ්‍රේණිය වසා දමයි පුත්තලමේ පාසලක ප්‍රාථමික අංශයේ 3 ශ්‍රේණිය වසා දැමීමට කටයුතු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි. 11 February 2021
මතුගම බොන්දුපිටිය හුදකලා බවින් ඉවත් කරයි මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 10 February 2021
අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට කළුතර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු රුපියල් 8000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (10) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 10 February 2021
නාය අවදානමක් - වලපනේ විදුහලක ගොඩනැඟිල්ලක් අතහැර දමයි නායයාමට ඇති අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළ නිර්දේශ මත වලපනේ, ලියන්වෙළ, ශ්‍රී සුධර්ම විද්‍යාලයේ ප්‍රධාන දෙමහල් ගොඩනැගිල්ලේ අධ්‍යාපන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇත. 10 February 2021
පෙරපාසලක් වසාදමයි-ළමුන් 10ක් නිරෝධායනයේ බටපොළ පොල්ලැව්ව ප්‍රදේශයේ පෙර පාසලක දැරියක් කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එහි සේවය කරන ගුරුවරියන් තිදෙනෙකු සහ පෙර පාසල් ළමුන් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි බටපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. රොෂාන් සෝමරත්න මහතා පැවසීය. 10 February 2021
’වනජීවියට අලිකඳුරේ අලි එළවන්න බැරි නම් හමුදාවට බාරදෙන්න’ වසර 10කට ආසන්න කාලයක් තිස්සේ අලිකඳුර ගම්මානයට කඩාවදින අලින්ගෙන් පහර කා මිය යන පුද්ගලයන් වැඩිවෙමින් පවතින බැවින්, අලි ගැටලුවට වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විසඳුමක් නොලැබුණු නිසා එම කාර්යය හමුදා සාමාජිකයන්ට පවරන්නැයි මහියංගණ ගම්වාසීහු ජනපතිගෙන් ඉල්ලීමක් කරති. 10 February 2021
වනජීවියෙන් ගත් ඉඩම් ගොවිතැනට යළි ඉල්ලති වනජීවී දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත පවරා ගනු ලැබූ තම ඉඩම් වගා කිරීම සඳහා නැවත ලබාදෙන ලෙස ඉල්ලා පොලොන්නරුව, වේරෝඩයාය සහ විලාඩිමඩුයාය යන ප්‍රදේශවල ගොවීහු පිරිසක් අද (10) උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 10 February 2021
කල්දෙමුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ නිවසක ගින්නක් මොරටුව කල්දෙමුල්ල සුධර්මාරාම පාරේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ නිවසක් ගිනිගෙන දැවෙන බව මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය. 10 February 2021
දකුණට නව ලංගම බස් රථ 65ක් එක්කරයි දකුණු පළාතේ දෛනිකව ධාවනය වන ශ්‍රී ලංගම බස්රථ සංඛ්‍යාව 440 දක්වා වැඩිකර ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන ගමන මණ්ඩලයේ දකුණ ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි. 10 February 2021
ගාල්ල කළුවැල්ල වැඩිහිටි නිවාසයේ 12 කට කොරෝනා ගාල්ල කළුවැල්ල විඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 12 කට කොරෝනා ආසාදිතවී ඇති බවට අද (09) තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 09 February 2021
පන්නල ප්‍රා. සභා රැස්වීම මැද මන්ත්‍රීවරු පිටව යති පන්නල ප්‍රාදේශීය සභාවේ මහා සභාව පැවති අද (09) දින එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පන්නල ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ සමගි ජන බල වේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස, වෙනත් කරුණු යටතේ අදහස් ඉදිරිපත් කිරීමේදී කාලය සීමාකිරීමට විරෝධතාවය පාමින් සභාවෙන් පිටව ගියහ. 09 February 2021
හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය වසාදමයි ඉංජිනේරුවරයෙකු කෝවිඩ්-19 අසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීම නිසා වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් හලාවත එගොඩවැල්ලේ පිහිටි හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව අද ( 9 ) දහවල් සිට නැවත් දැනුම් දෙන තෙක් වසා දැමු බව හලාවත සෞඛ්‍ය අංශ කියයි. 09 February 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025