(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පලාගිය රැඳවියන් දෙදෙනාගෙන් එක් රැඳවියකු එදිනම වනාතමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කාන්තා අංශය තුළට ඉහළින් විසිකරන තහනම් භාණ්ඩ සහිත පාර්සල් වැළැක්වීම සදහා තාප්පයට ඉහළින් සවිකර ඇති වැට උපයෝගී කරගෙන මෙම රැඳවියන් දෙදෙනා පලාගොස් සිටි බව බන්ධනාගාර කොමසාරිස් (පලානය) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
රැඳවියන් දෙදෙනා පලා යන අවස්ථාවේ බන්ධනාගර නිලධාරීන් වනතාමුල්ල දෙසට ගොස් ඇති අතර තාප්පයෙන් පැන්න එක් රැඳවියකු ඉන් බිමට වැටී තුවාල ලබා සිටි බවත් ඔහු අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බවත් ඒ මහතා පැවසීය.
පලාගිය සෙසු රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.
බන්ධනාගාර වලින් රිමාන්ඩ් කරන සියලු රැඳවියන් දින 14 ක කාලයක් නිරෝධානය සදහා මෙම කාන්තා අංශය වෙත යොමු කරන බවත් එසේ යොමුකර සිටියදී මොවුන් පලා ගොස් ඇති බවද හෙතෙම කියා සිටියේය.
මොවුන් සොරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළ සැකකරුවන් බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd