IMG-LOGO

අහංගම ප්‍රාථමික විදුහලක 3 ශ්‍රේණිය වසාදමයි

(සුමතිපාල දීයගහගේ)
 
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කම්හලක සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි තහවුරු වීම හේතුවෙන්, ගුරුවරියක වූ ඔහුගේ බිරිද උගන්වනු ලබන අහංගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක  3 වන ශ්‍රේණිය තවකාලිකව වසා දැමු බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 
එම ගුරුවරියගේ සැමියා කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කම්හලක සේවකයකි.අහංගම අහංගම්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වෙළද කලාපයේ ඇගලුම් කම්හලක රැකියාවට අමතරව ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාව කරන අයෙකි.
 
මෙම ආසාදිතයා  සේවය කරන කම්හල මගින් මොහුට පීසීආර් පරීක්ෂණයක් සිදු කිර ඇත. එම පරීක්ෂණයේ වාර්තාව ලැබීමට පෙර මොහු තම ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් ගොස් ඇති බව අහංගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. පී. ගයාන්  අසංක මහතා විසින් කරන ලද පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
 
එම නිසා මොහුගේ ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් ගිය මගීන් ද සොයාගැනීමට ගයාන් අසංක මහතා පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (0)

අහංගම ප්‍රාථමික විදුහලක 3 ශ්‍රේණිය වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 778 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site