(ඔගස්ටින් ප්‍රනාන්දු)
ඉංජිනේරුවරයෙකු කෝවිඩ්-19 අසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීම නිසා වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් හලාවත එගොඩවැල්ලේ පිහිටි හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව අද ( 9 ) දහවල් සිට නැවත් දැනුම් දෙන තෙක් වසා දැමු බව හලාවත සෞඛ්‍ය අංශ කියයි.
මෙම ඉංජිනේරුවරයා හලාවත ලංසියාවත්තේ පදිංචිකරුවෙකි. ඔහුට කළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු වශයෙන් නම් කර තිබුණි. ඒ අනුව ඔහු ප්‍රතිකාර පිණිස නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
එම විධායක ඉංජිනේරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු සදහා අද (9) පි.සී.ආර්. පරික්ෂණ සිදු කළ අතර එම වාර්තා ලැබෙන තෙක් එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd