(ඔගස්ටින් ප්‍රනාන්දු)
ඉංජිනේරුවරයෙකු කෝවිඩ්-19 අසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීම නිසා වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් හලාවත එගොඩවැල්ලේ පිහිටි හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව අද ( 9 ) දහවල් සිට නැවත් දැනුම් දෙන තෙක් වසා දැමු බව හලාවත සෞඛ්‍ය අංශ කියයි.
මෙම ඉංජිනේරුවරයා හලාවත ලංසියාවත්තේ පදිංචිකරුවෙකි. ඔහුට කළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු වශයෙන් නම් කර තිබුණි. ඒ අනුව ඔහු ප්‍රතිකාර පිණිස නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
එම විධායක ඉංජිනේරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු සදහා අද (9) පි.සී.ආර්. පරික්ෂණ සිදු කළ අතර එම වාර්තා ලැබෙන තෙක් එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හලාවත විධායක ඉංජිනේරු කාර්යාලය වසාදමයි