IMG-LOGO

’වනජීවියට අලිකඳුරේ අලි එළවන්න බැරි නම් හමුදාවට බාරදෙන්න’


(රංජිත් කරුණාවීර)

වසර 10කට ආසන්න කාලයක් තිස්සේ අලිකඳුර ගම්මානයට කඩාවදින අලින්ගෙන් පහර කා මිය යන පුද්ගලයන් වැඩිවෙමින් පවතින බැවින්, අලි ගැටලුවට වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විසඳුමක් නොලැබුණු නිසා එම කාර්යය හමුදා සාමාජිකයන්ට පවරන්නැයි මහියංගණ ගම්වාසීහු ජනපතිගෙන් ඉල්ලීමක් කරති.

ඔවුන් මේ බව පැවසුවේ, මහියංගණ, මාපාකඩවැව, අලිකදුර ගම්මානයේ, ගවයන් හට තෘණ කැවීම සඳහා  යමින් සිටි පුද්ගලයෙකුට අද (10) වන අලියකු පහර දී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මුල්කරගනිමිනි.

මියගොස් ඇත්තේ මහියංගණ, මාපාකඩවැව, අලිකදුර ගම්මානයේ, 1/13, යන නිවසේ පදංචි වසය අවුරුදු 42ක් වු ආර්. ජි සරත් නන්දසේන නම් වු දෙදරු පියෙකු බව මහියංගණ පොලිසිය පැවසීය.

මියගිය අයගේ ආබාදිත නැගණිය, වකුගඩු රෝගයෙන් පෙළෙන පියා, වයෝවෘද්ධ මව, දරුවන් දෙදෙනා හා බිරිඳ මෙම පුද්ගලයාගේ අකල් මරණයෙන් දැඩි ලෙස අසරණභාවයට පත්ව ඇත.

මාපාකඩ වසමේ වන අලි පහරදීමෙන් සිදු වූ 09 මරණය ලෙසත්, අලිකදුර ගම්මානයේ සිදු වු 03වන මරණය ලෙසත් මෙය සැලකෙන බවට ගම්වාසීහු කීහ.

රැකියා, ආහාරපාන, කිසිසේත් රජයෙන් නොඉල්ලන බවත්, බවබෝග වගා කරගෙන නිදහසේ වන අලි කරදරවලින් තොරව ජීවත්වීමට පහසුකම පමණක් ලබාදෙන ලෙස එහිදී ගම්වාසීහු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලිමක් සිදු කරන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියහ.



අදහස් (0)

’වනජීවියට අලිකඳුරේ අලි එළවන්න බැරි නම් හමුදාවට බාරදෙන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site