IMG-LOGO

අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරයි

 (එම් .සුසිල් ප්‍රියන්ත)        

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (14 ) පැවැත්වෙන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට තමන් අද (13) පස්වරුවේ තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය කියයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් 06 දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළුව අම්බලන්ගොඩ නගර සභාවේ බහුතර මන්ත්‍රීවරුන් මේ වර්ජනයට එක්වී සිටිති.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අම්බලන්ගොඩ පුරවැසියෙකුවූ මෙවර මහ මැතිවරනයේදී අම්බලන්ගොඩින් පාර්ලිමේන්තුවට ගිය හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතාට මේ උත්සවයට ආරාධනා නොකිරීමට එරෙහිව මේ තීරණයට එළැඹි බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ කැඳවුම්කරු රාහුල ලලිතවික්‍රම මහතා කීවේය.

තමන් ඇතුළු අම්බලන්ගොඩ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයටම මේ උත්සවයට ආරාධනා කර ඇතත් අම්බලන්ගොඩට සුවිශාල සේවාවක් කළ හිටපු ප්‍රධාන අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් මහතාට මේ උත්සවයට ආරාධනා නොකිරීම පිළිබඳව අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු පාලක පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 09 දෙනාට සිය අප්‍රසාදය පලකරන බවද ලලිතවික්‍රම මහතා වැඩි දුරටත් කීවේය.



අදහස් (0)

අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site