(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දඹදිව වන්දනාවේ රැගෙන යන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ 35 කට අධික මුදලක් වංචා කර රත්නපුරේට පලා ගොස් සැඟවී සිටී පුද්ගලයෙක් අද (12) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පුංචි සක්විති නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු බවද පොලිසිය කියයි.
වැලිපැන්න යගිරල කරපාගල ප්‍රදේශයේ පදිංචි වැඩිහිටි පුද්ගලයන් දඹදිව වන්දනා මාන කිරීම සඳහා රැගෙන යන බව පවසා මෙම සැකකරු විසින් එක් පුද්ගලයකුගෙන් රුපියල් 85,000 බැගින් අත්තිකාරම් මුදල් ලබාගෙන ප්‍රදේශයේ මඟහැර ගොස් සිටියදී මෙලෙස අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු සිදුකළ මුදල් වංචා සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වෙත ලද පැමිණිලි 35 කට අධික ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි පොලිසිය කියයි
සැකකරු ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම කූට ව්‍යාපාරය සිදුකරගෙන ගොස් තිබූ බවත් මුදල් වංචා කිරීමෙන් පසුව එම කාර්යාලය ද වසා දමා රත්නපුරයට පලා ගොස් සැඟව සිටි බව පොලිස් නිලධාරියකු පැවැසීය
එම වංචාකාරී සිද්ධින් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා වැඩිහිටි පුද්ගලයකු යොදවා පනහකට ආසන්න වැඩිහිටි පිරිසක් වන්දනා ගමනක් යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස දුරකථන ඇමතුමක් ඔස්සේ සිදු කරන ලද ඉල්ලීමට එකඟ වූ සැකකරු එම පුද්ගලයා හමු වී වැඩිදුර කතා කතාබස් කිරීම සඳහා වැලිපැන්න නගරයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරුට විරුද්ධව මෙයාකාරයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නඩු කීපයක් මේ වන විටත් විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි. 60 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 35 ක මුදල් වංචා කර සැඟව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට