IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිදි යහනේ දී කපා කොට පුද්ගලයකු ඝාතනය කරයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

පාදුක්ක  තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන්  දෙදෙනෙක් ඇඳක  නිදා සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.              

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන්නාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හේමන්ත පුෂ්පකුමාර  කුමාර නොහොත් ගංජා හේමන්ත 45  නමැත්තෙකි.             

ඝාතනයට ලක් වූ පුද්ගලයා  පදිංචි නිවසේ නොසිට  ආරක්ෂාව පතා වෙනත් නිවසක  කාමරයක නිදා සිටියදී  තියුණු ආයුධ දෙකක් රැගෙන එම නිවසට කඩාවැදුණු  පුද්ගලයන් දෙදෙනෙකු  නිදාසිටි   ඇද මතදීම ඔහුව කපා කොටා ඝාතනය කර ඇති බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.             

ඝාතනයට ලක්වූ පුද්ගලයා ගංජා ජාවාරමේ යෙදෙන්නෙක් වන අතර  පුද්ගලයකු තියුණු  ආයුධවලින්  පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ වූවෙක් බවත් ඊට අමතරව  ඔහුට විරුද්ධ ගංජා  ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩුවක් ද විභාග වන බවත් පොලිසිය කියයි.           

තවද කාන්තාවක් සම්බන්ධයෙන්  ආරවුලක් ද  තිබෙන බවටත්  පොලිස් නිලධාරියෙක් පැවැසීය .                 

ඝාතනයට  පැමිණි පුද්ගලයන් දෙදෙනා  මෙතෙක් හඳුනා ගෙන නැතැයි පොලිසිය කියයි.                   

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය 



අදහස් (0)

නිදි යහනේ දී කපා කොට පුද්ගලයකු ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site