බස් වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක පෞද්ගලික බස් කර්මාන්තය රැකගැනීම උදෙසා වූ වෘත්තීය සමිති එකමුතුව අද (2) බත්තරමුල්ල දියත උයන සිට ප්‍රවාහන අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්විණි. 02 February 2021
දිය නාන්න ගිය දෙදෙනකු දියේ ගිලි මරුට කැළණි ගගේ නවගමුව මාපිටිගම පාලම අසල දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතුරින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් සිටියදී අද (2) දින උදෑසන නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් සොයා ගෙන ගොඩ ගත් බව නවගමුව පොලිසිය පවසයි. 02 February 2021
බුදුන් වඳින්න මල් කඩන්න ගිය කත දුම්රියේ ගැටී මරුට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් අද (2) අලුයම් කාලයේ දුම්රියක ගැටී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 02 February 2021
වරාය විකිණීමට එරෙහිව බදුල්ලේදීත් පෙත්සමක් අත්සන් කෙරේ වරාය විකිණීම වහා නවතනු යන මැයෙන් ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (01) සවස බදුල්ල නගරයේදී සිදුකෙරිණි. 01 February 2021
ත්‍රිරෝද රියක් පෙරැළී පාසල් ළමුන් 5 ක් රෝහලේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරැළීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 5දෙනෙකු සහ රියදුරා තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය. 01 February 2021
වරාය විකුණනවාට ගාල්ලේත් විරෝධතා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (01) සවස ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට පැවැත්විණි. 01 February 2021
වරාය ඇතුළු දේශීය සම්පත් විකිණීමට එරෙහිව මොනරාගල උද්ඝෝෂණයක් රජය මඟින් වරාය ඇතුළු දේශීය සම්පත් විදේශීය බහුජාතික සමාගම් වලට විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයක් අද (01) සවස මොනරාගල නගරයේ හුලංදාව මංසන්ධියේදී පැවැත්විණි. 01 February 2021
ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයෝත් වරාය විකුණනවැයි විරෝධයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු පුද්ගලික සමාගමකට බදුදීමට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවකයෝ අද (01) එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ. 01 February 2021
’කූඹිකැලේ ’අප්පු’-’බෘස්ලී’ ලක්ෂ 5ක රන්භාණ්ඩ සමඟ අල්ලයි කොරෝනා වසංගතය හේතුවෙන් ඇප ලබා පැමිණ, රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් හා නිවසක් බිඳ රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් සොරාගත් ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙකු අද (1) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි. 01 February 2021
වරාය සේවකයෝ කොළඹ වරාය ඉදිරිපිට උද්ඝෝෂණයක ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු පුද්ගලික සමාගමකට බදුදීමට එරෙහිව වරාය සේවකයෝ සහ ජාතික භික්ෂු පෙරමුණ අද (01) කොළඹ වරාය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. 01 February 2021
වරාය විකුණනවාට මාතලේදී විරෝධයක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජාතික වෘත්තිය සමිති මධ්යිස්ථානය මෙහෙයවු උද්ඝෝෂණයක් අද(01) මාතලේ ඔරලෝසු කණුව අසළදි පැවැත්විණි. 01 February 2021
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරැළී 3ක් රෝහලේ හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඉන්ජස්ට්‍රි වත්ත ප්‍රදේශයේදී, ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් තිදෙනෙකු තුවාල ලබා අද(01) දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය. 01 February 2021
කිලිනොච්චි කන්දසාමි කෝවිල අසළ විරෝධතාවයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා එම සැකකරුවන්ගේ ඥාතීහු අද (1) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරතවූහ. 01 February 2021
කළුගගෙන් උමඟක් හරහා මාතලේ හිඹිලියාකඩට ජලය ලබාදෙන්න යයි මාතලේ - විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹිලියාකඩ (වෙහෙරගල) වැවට කළු ගඟ ජලාශයෙන් ජලය සපයා ගැනීම සදහා උමගක් ඉදිකිරීමට අදාලව මුලික ශඛ්‍යතා අධ්‍යයනයක් මේ වන විට සිදුවෙමින් පවතින බව රජයේ ප්රවෘත්ති දෙපාර්ථමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 01 February 2021
හැටන් විද්‍යාලයක් සහ කලාප අධ්‍යාපන කාර්යාලය යළි අරී කොවිඩ් 19 වයිරසය ආසාදනය වු සිසුන් 09 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු හමුවීම නිසා ඉකුත් 27 දින සිට තාවකාලිකව වසා දමා තිබු හැටන් විද්‍යාලයක් විෂබීජහරණය කිරීමෙන් පසු සෞඛ්‍ය උපදෙස් වලට අනුව අද(01) දින යලිත් විවෘත කළ බව එම විදුහලේ උප විදුහල්පතිවරයා පැවසීය. 01 February 2021
ගංජා අලෙවිකරන්න ගෙනඑද්දී දැලේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට රැගෙන එමින් තිබූ ගංජා තොගයක් සමග සැකකරුවකු ඊයේ (31) සවස කරන්දෙණිය කැකිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි. 01 February 2021
ත්‍රිරෝද රියේ ගැටී පා පැදිකරු මරුට හුංගම මැදඑළියේදී පාපැදියක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් අද (31) සවස සිදු වූ අනතුරෙන් පාපැදිකරු එම ස්ථානයේදී මරණයට පත්වී ඇතැයි හුංගම පොලිසිය පවසයි. 31 January 2021
ටී 56 අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට තෙල්වත්ත පැරෑලියේ නිවසක වහලේ සගවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අද (31) සවස සැකපිට ප්‍රශ්න කිරීමට අත් අඩංගුවට ගෙන ඇත. 31 January 2021
වවුනියාව පොලිසියේ 16 කට කොරෝනා වවුනියාව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් 16 දෙනකුට කොවිඩ් - 19 වයිරසය ආසාදිතව හදුනාගත් බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 31 January 2021
අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී අලියකු මරුට වැලිකන්ද මහවැලිතැන්න ප්‍රදේශයේ ගෙවත්තක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් අද (31) වන අලියෙකු මරුමුවට පත්වී ඇතැයි වනජීවී නිලධාරීහු කියති. 31 January 2021
වෑන් රිය ඉවතට පනී : තිදෙදෙනක් මරුට කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කදවුර ඉදිරියේ දී අද (31) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළ තාප්පයේ ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් කළ තිදෙනකු මිය ගොස් ඇතැයි ජාඇල පොලිසිය පවසයි. 31 January 2021
සැරයන් හැප්පු කොස්තාපල් අත්අඩංගුවට ගලේවෙල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ ගල්කිරියාගම පොලිසියේ සේවය කරන පොලිස් සැරයන්වරයකු පැදවූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් සැරයන්වරයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 31 January 2021
නැගෙනහිර පළාත් පාලන ආයතන 10කට නව සභාපතිවරු ගැටලුකාරි තත්වයන් ඇතිවි ඇති නැගෙනහිර පළාත් පාලන ආයතන10ක් සදහා ඉදිරියේදි නව සභාපතිවරු පත්කරණ බව ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. 31 January 2021
දියේ ගිලී දැරියක් මරුට වලවේ ගඟේ කල්තොට ප්‍රදේශයෙන් ජලයේ ගිලී දැරියක අද (30) පස්වරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 30 January 2021
අනාරක්ෂිත වදුලි රැහනක පැටලී වන අලි දෙදෙනෙකු මරුට මැදිරිගිරිය, බිසෝපුර, දහම්වැව ප්‍රදේශයේ ගෙවත්තක පිටුපස පිහිටි කුඹුරක වගාකර ඇති බඩඉරිඟු වගාවක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් වන අලි දෙදෙනෙකු අද (30) මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 30 January 2021
ගිනිඅවියක් සමග සැකකරුවෙකු අල්ලයි ඌරගස්මන්හන්දිය කිරිමැටියාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබු රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු ඊයේ (29) රාත්‍රි අත් අඩංගුවට ගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි. 30 January 2021
විදුලිසැර වැදී දෙදෙනෙකු මරුට මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකුට විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී ඊයේ (29) සවස හමු වූ බවට මන්නාරම් පොලිසිය පවසයි. 30 January 2021
බස් රථයේ යතුරු පැදිය ගැටී අඹු සැමි යුවළ මරුට ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව හන්දියේදි අද (29) අලුයම වූ අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි. 29 January 2021
සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව මහපතන සෙල්ලිපිගම ප්‍රදේශයේ සැමියකු විසින් තියුණු ආයුධයකින් සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය. 29 January 2021
මීරිගම මූලික රෝහලේ බුදු පිළිමය නිරාවරණය කෙරෙයි මීරිගම මූලික රෝහල ආරම්භ කර වසර අනූ නවයක් පිරීම නිමිතිකරගෙන මීරිගම ව්‍යාපාරිකයකු වන දිනේෂ් චන්දන ගුරුගේ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රෝහලේ බාහිර ප්‍රතිකර ඒකකය ඉදිරිපිට භූමියේ ඉදි කෙරුණු සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ අද (28) මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමිපාණන් වහන්සේගේ සුරතින් නිරාවරණය කරනු ලැබූහ. 28 January 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026