IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’කූඹිකැලේ ’අප්පු’-’බෘස්ලී’ ලක්ෂ 5ක රන්භාණ්ඩ සමඟ අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොරෝනා වසංගතය හේතුවෙන් ඇප ලබා පැමිණ, රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් හා නිවසක් බිඳ රුපියල් ලක්ෂ 5කට ආසන්න  වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් සොරාගත්  ලියාපදිංචි අපරාධකරුවන්  දෙදෙනෙකු අද (1)  අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන කූඹිකැලේ ප්‍රදේශයේ පදිංචි කූඹිකැලේ "අප්පු" සහ "බෘස්ලී" නමින් හඳුන්වන (39 - 44 ) වයසේ පසුවන දෙදෙනකු බව පොලිසිය කියයි.

කිරුළපන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි තිබූ රුපියල් 46,000ක මුදලක්  සොරා ගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන්  අපරාධ ස්ථාන  පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ සිදු කළ විමර්ශනයකදී  එහි තිබී හමු  කෙස් ගසක් ඔස්සේ කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත්  බව පොලිසිය පවසයි.

ඒ  අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම්වල දී පාමංකඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් හා කිරුළපන ප්‍රදේශයේ නිවෙසක් බිඳ රුපියල් ලක්ෂ පහකට ආසන්න දේශීය හා විදේශීය  මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එහිදී කොරෝනා හේතුවෙන් වසා දමා තිබූ පාමංකඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ  උකස් මධ්‍යස්ථානයක බිත්තියක් පසාරු කර ඇතුළු වී එහි දින තුනක් රැඳී සිටිමින් සේප්පුව කැඩීමට උත්සාහ දරා එය ව්‍යාර්ථ වීමත් සමග ලාච්චුවක බහා තිබූ රන් භාණ්ඩ තොගයක් හා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක් සොරාගෙන ගොස් තිබු බව අනාවරණය කරගෙන ඇත.

යම් හෙයකින් සේප්පුව කඩා ගැනීමට  සැකකරුවන්ට හැකි වූයේ නම් රුපියල් කෝටි 15කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරා ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන්ගෙන් ලද තොරතුරු වලට අනුව  සොරාගත් රන් භාණ්ඩ  පිටකොටුව ප්‍රදේශය උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබියදී සොයාගත් බවත්  විදේශ මුදල් අලෙවි කළ ස්ථානය සොයා විමර්ශන ක්‍රියාත්මක වත් බවත් පොලිසිය කියයි.එලෙස උපයා ගත් මුදලින් සැකකරුවන් දෙදෙනා අධික ලෙස අයිස් සහ හෙරොයින් පානය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අලූත්කඩේ අංක 3 සහ  ගල්කිස්ස අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

’කූඹිකැලේ ’අප්පු’-’බෘස්ලී’ ලක්ෂ 5ක රන්භාණ්ඩ සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site