(අමදෝරු අමරජීව)
ගැටලුකාරි තත්වයන් ඇතිවි ඇති නැගෙනහිර පළාත් පාලන ආයතන10ක් සදහා ඉදිරියේදි නව සභාපතිවරු පත්කරණ බව ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
මහ නගර සභාවක්, නගර සභාවක් හා ප්‍රාදේශිය සභා අටක ඇතිවි ඇති ගැටලුකාරි තත්වය මත නව සභාපතිවරු මෙලෙස පත්කරණ බව ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නාය. සභාපතිවරු පත්කිරිමේදි බහුතර බලයක් ඇති පක්ෂයක්වේ නම් පක්ෂ මහා ලේකම්වරයා හරහා සභාපතිවරු පත් කරණ අතර එසේ නොවන පලාත් පාලන ආයතනයක් නම් බහුතරයේ කැමැත්ත මත ජන්ද විමසිමකින් මෙම පත්කිරිම් සිදු කිරිමට නියමිතය.
අම්පාර මහ නගර සභාව හා එරාවුර් නගර සභාව මෙන්ම පොතුවිල්,පදියතලාව,ඉරකාමම්,මන්මුණේ, කෝරලේපත්තු,කෝරලේ පත්තු උතුර, තඹලගමුව හා සේරුවිල යන ප්‍රාදේශිය සභාවන් සදහා මෙලෙස නව සභාපතිවරු පත්කිරිමට නියමිතය.
1989අංක12 දරණ පලාත්සභා (අනු ශාංගික විධි විධාන) පනතේ දෙවැනි වගන්තිය සමග කියවිය යුතු 1987 අංක 15 දරණ නගර සභා / ප්‍රාදේශිය සභා නියමයන්ට අනුකූලව ආණ්ඩුකාර වෙත පැවැරි ඇති බලතල ප්‍රකාරව මෙම කටයුතු සිදුකිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නැගෙනහිර පළාත් පාලන ආයතන 10කට නව සභාපතිවරු