
(ක.ග. කරුණාරත්න)
මැදිරිගිරිය, බිසෝපුර, දහම්වැව ප්‍රදේශයේ ගෙවත්තක පිටුපස පිහිටි කුඹුරක වගාකර ඇති බඩඉරිඟු වගාවක් වටා ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහනක පැටලී විදුලි සැර වැදීමෙන් වන අලි දෙදෙනෙකු අද (30) මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ මෙම වන අලින් දෙදෙනා රාත්‍රි කාලයේ ආහාර සොයා යමින් සිටියදී මේ අනතුරට ගොදුරුවන්නට ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 20ක් පමණ වයසැති පිරිමි සතුන් දෙදෙනෙකු බව වනජිවී නිලධාරීහු කීහ.
මැදිරිගිරිය පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd