අක්මීමණ නිවසක මියගිය කාන්තාවකට කොරෝනා ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ, කෙහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසක මියගිය 82 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අද (25) තහවුරු වී තිබේ. 25 January 2021
තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද(25) තලවකැලේ ලිදුල නගර සභාවේ ලේකම් ඩී.වී.පී.බණ්ඩාර මහතා වෙත භාරදුන් බව අශෝක සේපාල මහතා පැවසීය. 25 January 2021
ඔඩ්ඩුසුඩාන් විද්‍යාලය ජාතික පාසලක් කරන්නැයි උතුරේ විරෝධයක් මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙස ඉල්ලා සිසුන්ගේ මව්පියවරු අද(25) විරෝධතාවයක නිරත වූහ. 25 January 2021
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවෙකුටත් කොරෝනා වවුනියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වවුනියාව සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි. 25 January 2021
කොරෝනා කාලේ රත්නපුරේ පුරන් කුඹුරු 5500 ක් අස්වද්දයි කොරෝනා උවදුර හමුවේ 2020 වර්ෂයේ යළ මහ දෙකන්නයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 5500ක් පමණ අස්වැද්දිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පැවසුවාය. 24 January 2021
නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට වීදිය බණ්ඩාර රජ්ජුරුවන් සැඟ වූ බව කියන නිධන් සොයා බදුරලිය බොල්ලුන රක්ෂිතයේ පුවක් දොල ඇල්ලේ පිහිටි විශාල කලු ගලක කැණීම් කරමින් සිටී පුද්ගලයන් හත් දෙනෙක් අද 24 අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක එක ඒකකය කියයි . 24 January 2021
පිටබැද්දර සතිපොළවල් තුනක් වහයි පිටබැද්දර ප්‍රාදේශීය සභාව මගින් මොරවක ,පිටබැද්දර ,දංගල සති පොළ තුනම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද සිරිවර්ධන මහතා අද (24) පැවසීය. 24 January 2021
බලපත් නොමැති දැව සමඟ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ඉරන ලද දැව කඳන් තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු සමග කන්දේගෙදරදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද ( 24 ) දා පැවසීය . 24 January 2021
පෙර පාසලක් තාවකාලිකව වසාදමයි කලවාන ප්‍රදේශයේ පෙර පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ දෙමාපියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පෙර පාසල අද (23) සිට තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. 23 January 2021
අලව්වේ වෙළඳසැල් සේවකයින් 23කට කොරෝනා අලව්ව නගරයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසල් 02ක සේවකයින් 19 දෙනෙකු පසුගියදා කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගෙන් කළ පී.සී.අර් පරීක්ෂණයෙන් පසු තවත් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පවසති. 23 January 2021
කොල්ලකෑම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අල්ලයි කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම ගලවිලවත්ත සහ නාරාහේන්පිට ප්‍රදේශවලදී අද (23) ගිනි අවි, අත් බෝම්බ හා ජීව උණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා පැවසීය. 23 January 2021
බලපත් නැතිව තේක්ක - කොහොඹ කඳන් ප්‍රවාහනය කරලා බලපත්‍ර නොමැතිව තේක්ක සහ කොහොඹ දැව කඳන් 32 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද (23) පැවසීය. 23 January 2021
දියණියන් දෙදෙනා මහමග දමා ගිය මාමා සොයයි වතුගෙදර ආඳාදොළ ප්‍රදේශයේ සිය නිවසේ සිටි 10 හැවිරිදි හා 05 හැවිරිදි දියණියන් දෙදෙනෙකු අද (23 ) දහවල් රැගෙන ගොස් කුරුඳුවත්ත ප්‍රදේශයේ මහ මග දමා ගිය ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. 23 January 2021
කලවාන සතිපොල යළි අරියි කලවාන ප්‍රදේශයේ වෙළෙඳසැල් ආශ්‍රිතව කොරොනා ආසාදනය වූ රෝගීන් වාර්තා වීම හේතුවෙන් පසුගිය (09) වනදා දින නියමක් නොමැතිව වසාදැමු කලවාන සතිපොල අද (23) සිට යළි පැවැත්වීමට කලවාන ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ . 23 January 2021
ආණමඩුව ප්‍රා. සභා කාර්යාලය වසා දමයි කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වන නිලධාරියකු අද( 22 ) සේවයට පැමිණීමත් සමග ආණමඩුව ප්‍රාදේශීය සභාව වසා දැමීමට කටයුතු කළ බව සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පවසයි. 22 January 2021
එළුවන්කුලමේ ගවයෝ විල්පත්තුව වනෝද්‍යානයට මුදාහැරලා විල්පත්තුව ජාතික වන උද්‍යානයට එළුවන්කුලම ගවගාල්කරුවන් නීති විරෝධි ලෙස ගවයින් ඇතුළු කිරිමත් සමඟ විල්පත්තුවේ වන සතුන් අවදානමකට මුහුණ දි ඇති බව පරිසරවේදීහු කියති. 22 January 2021
නිරෝධායන නීති නොතකා සූදු කෙළියේ යෙදුණු 14ක් අල්ලයි නිරෝධාන නීති කඩා මුදල් ඔට්ටුවට සූදුපොළක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයන් 14දෙනෙකු කොරලවැල්ල ප්‍රදේශයේ නිවසකදී අද(22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 January 2021
අහඹු පරීක්ෂණවලින් අරණායක 9කට කොරෝනා අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ්-19 වයිරසය ආසාදනය වූවන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද (22) පැවසීය. 22 January 2021
විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වා ගන්නැයි ඉල්ලා විරෝධතාවයක් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය මැදිහත් වී කටයුතු කරන ලෙසත්, ඔවුන්ට සාධාරණයක් ඉටුකරන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතාවක් අද (22) කුරුණෑගල දී පැවැත්විණි. 22 January 2021
දුම්රියේ ගැටී එක්දරු පියා මරුට හබරාදුව, කහවැන්නගම ප්‍රදේශයේ දී බෙලිඅත්තේ සිට කොළඹ දක්වා අද (22) උදෑසන ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 22 January 2021
පොල්වත්ත රෝහලට ආසාදිතයින් 26 ක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමට වෙන්කර ඇති අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලට අද (22) උදෑසන කොරෝනා ආසාදනය වූ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පැවසිය. 22 January 2021
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්විය. 22 January 2021
විදෙස් රැකියාවලට යන අයට ගුවන් තොටුපොලේ නව කවුළුවක් විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් හා සංචාර සඳහා පිටවන්නන් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂයෙන් වෙන්කළ ස්ථානයකින් ඇතුල් වීමේ පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. 21 January 2021
මඩකලපුවේ අරසඩි ග්‍රාම සේවා වසම හුදකලා කරයි කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම සේවා වසමට අද (21) සවස 6 සිට හුදකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 January 2021
මතුගම තුනී ලෑලි කම්හලක් වහයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම ප්‍රදේශයේ තුනී ලෑලි කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගත් බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය. 21 January 2021
කැටඹුලා තේ වතුයායේ කාර්යාලය වසාදමයි නාවලපිටිය, කැටඹුලා තේ වතුයායේ වතු කාර්යාලය තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. 21 January 2021
බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි බලන්ගොඩ නගරසභාවේ සභාපතිවරයා ලෙස මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පත්කිරීම පිළිබඳව එම සභාවේ මන්ත්‍රීවරියක විසින් මුහුණ පොතේ උපහාසාත්මකව යමක් සඳහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද (21) සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 21 January 2021
සබරගමුව පළාත් සභාවේ රියැදුරෙක් නිරෝධායනය වෙමින් සිටියදී මියයයි සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ රියදුරු නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ මියගොස් ඇත. 21 January 2021
රට මත්පැන් බෝතල් 639 ක් සමග අයෙක් පොලිස් බාරයට විදේශිය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 639 ක් මල්වානේ නිවසක සඟවා තිබියදී පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 21 January 2021
නාවලපිටියේ රාජ්‍ය බැංකුවක් වසාදමයි නාවලපිටියේ පාසලක කොරෝනා ආසාදිත සිසුවියකගේ මව සේවය කළ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව අද(21) වසා දමා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකිරීමට පියවර ගත් බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසීය. 21 January 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025