
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටියේ පාසලක කොරෝනා ආසාදිත සිසුවියකගේ මව සේවය කළ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව අද(21) වසා දමා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකිරීමට පියවර ගත් බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසීය.
බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය බාලිකා විද්‍යාලයක පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇති බවට අද ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව ඒ මහතා කීය.
ආසාදිත සිසුවිය ඉකුත් 11 දින පාසලට පැමිණීම නිසා එදින පාසලට පැමිණි සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාරමය තාවකාලිකව වසා දමා විෂබිජහරණයට කටයුතු කළ බවත් කොලමුන්න මහතා පැවසීය.
ආසාදිත සිසුවියගේ ළගම ආශ්‍රිත සිසුවියන්, ගුරුවරුන්, අසාදිත සිසුවිය නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවලපිටියේ රාජ්‍ය බැංකුවක් වසාදමයි