දෙහිවල තැපැල් කාර්යාලය වසා දමයි දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබවට තහවුරුවීම නිසා අද (21) සිට රාජකාරි සදහා විවෘත නොකර වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය. 21 January 2021
කොටපොළ සතිපොලවල් තුනක් වසා දමයි කොවිඩ් ආසාදිතයන් 08 දෙනකු හදුනා ගැනීමත් සමඟ කොටපොළ ප්‍රාදේශීය සභාව මගින් දෙනියාය , පල්ලෙගම ,වරල්ල සති පොළවල් තුනක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය . 21 January 2021
නිරෝධායනයට යොමුකර සිටි ආශ්‍රිතයන් හැටන්හි සැරිසරලා කොවිඩ් ආසාදිතයක්ගේ ආශ්‍රිතයන් හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති හැටන් දික්ඔය නගර සභාවේ සේවිකාවකගේ පවුලේ පිරිස විවිධ ස්ථානවල සැරිසැරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් වසංගතය වර්ධනය වීමේ අවදානමක් හටගෙන තිබේ. 21 January 2021
කදුරුවෙල අගුලු අරී කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා දින 14ක පමණ කාලයක් අගුලු දමාතිබූ පොළොන්නරුව, කදුරුවෙල නගරය අද(21) පෙරවරුවේ සිට නැවත විවෘත කිරීමට උපදෙස් දුන් බව පොළොන්නරුව, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය. 21 January 2021
කොග්ගල වෙළඳ කලාපයේ කම්හල් 6කට කොරෝනා පැතිරෙයි කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 21 January 2021
කරන්දෙණියේ ජාවාරම්කරුවෝ ගොඩඉඩම්වල වැලි හාරති ගොඩ ඉඩම්වලින් වැලි හෑරීමේ ජාවාරමක් නිසා සිය බල ප්‍රදේශයේ උග්‍ර පාරිසරික ගැටළු රැසක්ම මතුවී ඇතැයි කරන්දෙණියේ ජනතාව කියති. 21 January 2021
මහවැස්සෙන් මඩකලපුවේ කුඹුරු අක්කර 14,000ක් විනාශයි මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය දින කීපයක් ඇදහැලුනු වර්ෂාව නිසා මහකන්නයේ වගාකළ අක්කර 14000 ක කුඹුරු ජලයෙන් යටවී විනාශවී ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ. ජෙගනාදන් මහතා පවසයි. 21 January 2021
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය වසා දමයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් ලියාපදිංචි අංශයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අංශයේ කටයුතු නැවත දැනුම් දෙනතුරු නතර කර ඇති බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කනවතිප්පිල්ලයි කරුණාකරන් මහතා පැවසීය. 21 January 2021
වළව ගොවීහු මාරාන්තික උපවාසයක් අරඹති යෝජිත වන අලි කලමණාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වලව ගොවින් අද (20) මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා පැවසීය. 20 January 2021
හැටන් විදුහලක තවත් සිසුන් 4 ක් ගුරුවරියක් ආසාදිතයින් ලෙස හඳුනාගනිති හැටන් විදුහලක අධ්‍යාපනය හදාරණ තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා කීවේය. 20 January 2021
ව්‍යාජ ප්‍රමිති සහතික යෙදූ ලක්ෂ 5ක පිරිසිදුකාරක අම්බලන්තොටින් අල්ලයි ව්‍යාජ ලෙස එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය භාවිතා කරමින් පිරිසිදු කාරක නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීහු අද(20) වැටලූහ. 20 January 2021
සමගිජන බලවේගයේ පිරිසක් ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක වත්මන් රජය ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අක්කර 171ක් කැබළි කර සිය හිතවතුන් අතරේ බෙදා දීමට කටයුතු කරන බව කියමින් සමගි ජනබලවේගයේ ආධාරකරුවන් පිරිසක් ඇඹිලිපිටිය නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද(20) විරෝධතාවක් පැවැත්වූහ. 20 January 2021
රිය අනතුරකින් අයෙක් මරුට බටපොල -කුරුදුගහ මාර්ගයේ කරන්දෙණිය ජයබිම ප්‍රදේශයේදී අද (20 ) දහවල් ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 20 January 2021
වාරියපොළ රජයේ ගොවිපොළ ඉදිරිපිට විරෝධතාවක් වයඹ පළාත් සභාවට අයත් වාරියපොල සහ ගල්ගමුව ගොවිපොළ වල අනියම් පදනම මත සේවය කරන කම්කරුවන් 51 දෙනෙකු අද (20) දහවල් වාරියපොල රජයේ ගොවිපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ. 20 January 2021
මාතලේදී කළ මිනීමැරුමට වසර 11 කට පසු මරණ දඬුවම මාතලේ නගරයේ ගොංගාවෙළපොළ අසලදී 2009 වසරේදී මාළු වෙළෙන්දෙකු මන්නා පිහියකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ සැකකරුට මරණීය දණ්ඩනය නියම කිරිමට මාතලේ මහධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද(20) වන දින නියෝග කළේය. 20 January 2021
බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය යළි අරී බොරලැස්ගමුව නගර සභාවේ ආදායම් පරිපාලකවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ එම නගර සභාවේ වරිපනම් අංශය අද (20) සිට සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කළ බව නගරාධිපති කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය. 20 January 2021
ඇදවැටුණු දිරාගිය පොල්ගසට යට වී කතක් මරුට දිරාගිය පොල්ගසක් බිමට ඇද වැටීමේදී එයට යටවීමෙන් වියපත් කාන්තාවක් මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි. 20 January 2021
ආසාදිතයකු සමඟ බාරයක් ඔප්පු කරන්න ගිය සිසුන් 23ක් නිරෝධායනයට කොටවෙහෙර, පාසැලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 23 දෙනෙකු හා මවුපියන් කොරෝනා ආසාදිත මවක සමග පන්සලක කිරි උතුරවා බාරයක් ඔප්පු කිරීමකට යාම හේතුවෙන්, එම පිරිස නිරෝධායනයට ලක් කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(20) පැවසීය. 20 January 2021
යතුරුපැදියෙන් මත්පෙති ගෙන යමින් සිටි දෙදෙනෙකු දැලේ මත්පෙති ජාවාරමේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු අලෙවිය සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරනු ලැබූ මත්පෙති 1000ක් සමග කොතලාවලපුර පාසල ඉදිරිපිට මාර්ග බාධකයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. 20 January 2021
ගල්නෑවේ වෙළඳසැල් 120ක් වහයි ගල්නෑව නගරයේ වෙළද සැලක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් නගරයේ කඩ සාප්පු 120ක් අද(20) සිට දින තුනක් වසා දමා තිබේ. 20 January 2021
කොවිඩ් ආසාදිතයෙකු නිසා මොරගහකන්දේ ධීවරයෝ රාජකාරියෙන් ඉවත්වෙති නාඋල ඇගුළුම් කම්හලේ කෝවිඩ් ආසාධිතයෙකු මොරගහකන්ද - මා ඔය ප්‍රදේශයේ දී තොටුපොල නියෝජිතයෙකු ඇසුරුකර ඇතැයි සදහන් කරමින් අද(20) සිට ධීවරයෝ 52 දෙනෙකු සියලු ධීවර කටයුතු වලින් ඉවත්වන බව මොරගහකන්ද ධිරිය ධීවර සමිතිය කියා සිටියි. 20 January 2021
තවලම සතිපොළ ආශ්රිත වෙළඳසැල්වල 10දෙනෙකුට කොරෝනා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රියදුරු ඇතුළු තවලම සතිපොළ ආශ්රිත වෙළදසැල්වල පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 20 January 2021
ලක්ෂ 40 ක කේරළ ගංජා වෑන් රථයේ සඟවා ගෙනයද්දී අල්ලයි වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරම පේසාලේ ප්‍රධාන මාර්ගයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 20 January 2021
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 කට කොරෝනා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි භික්ෂුන්වහන්සේ නමක් ඇතුලු රැඳවියන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (19) තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 19 January 2021
මුහුදේ නාන්න ගිය සිසුවක් මරුට මාරවිල තල්විල මුහුදේ නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයකු (19) සවස දිය රැලකට අසුවී අතුරුදහන්ව ඇති බව මාරවිල පොලිසිය පවසයි. 19 January 2021
වනජීවී කලාපයට කසළ දමා වරද පිළිගෙන දඩ කයි මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්ෂිතයට නීතිවිරෝධී ලෙස බැහැර කිරීමේ චෝදනාවකට අධිකරණයේ දී වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියක් 75,000ක දඩයක් ගෙවන ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද (19) නියෝග කළේය. 19 January 2021
වීරකැටිය ප්‍රාදේශීය සභාව වසා දමයි වීරකැටිය ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ වීරකැටිය ප්‍රාදේශීය සභා කාර්යාලය අද (19) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබේ. 19 January 2021
කේරළ ගංජා කිලෝ 2 ක් සමඟ අයෙක් අත්ඩංගුවට කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ත්‍රීරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන සැකකරුවෙකු ගල්කිස්ස ඕඩියන් සිනමාහල අසලදී අද (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 19 January 2021
කොවිඩ් නීති කැඩූ මාතලේ 2,000කට නඩු මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ පුද්ගලයින් 2000කට නඩු පවරා ඇති බව මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා අද(19)දා පැවසීය. 19 January 2021
රඹකැන්ඔය ජලාශයේ වාන්දොරටු අරී අම්පාර දිස්ත්‍රික්කයට පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති රඹකැන්ඔය ජලාශයේ ජල මට්ටම ඉහළ නැගීමත් සමගම එහි වාන් දොරටු දෙක විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්මේන්තුවේ නිලධාරීහු පියවර ගත්හ. 19 January 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026