IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කරන්දෙණියේ ජාවාරම්කරුවෝ ගොඩඉඩම්වල වැලි හාරති‍

(එම්.සුසිල් ප්‍රියන්ත)
               
ගොඩ ඉඩම්වලින් වැලි හෑරීමේ ජාවාරමක් නිසා සිය බල ප්‍රදේශයේ උග්‍ර පාරිසරික ගැටළු රැසක්ම මතුවී ඇතැයි කරන්දෙණියේ ජනතාව කියති.
             
සිය බල ප්‍රදේශයේ ගොඩ ඉඩම්වලින් වැලි නිධි මතුවීමත් සමගම මේ ජාවාරම දැන් මුළු කරන්දෙණිය පුරාම ව්‍යාප්ත වෙමින් ඇතැයිද ඔවුහු කියති.මේ නිසාම කරන්දෙණියට ආවේනික ආර්ථික වාසි ඇති වගාවක් වන කුරුදු වගාව මෙන්ම කුඹුරු වගාවද දිනෙන් දිනම නැතිවී යමින් පවතී.
               
ගොඩ ඉඩම්වලින් වැලි හෑරීමත් සමගම දැන් දැන් සිය බල ප්‍රදෙශයේ ඇති ළිං සිදීයාමේ දැඩි අවදානමකට ලක්වී සිය බල ප්‍රදේශයේම උග්‍ර ජල හිගයකට පත්වී තිබෙන බවද කරන්දෙණියේ ජනතාව කියති.
        
වැලි හෑරීමෙන් පසු අත හැර දැමූ ගොඩ ඉඩම්වල විශාල වළවල් දනට ලැබෙන බවත් වැසි වතුර පිරී ඇති එම වළවල් සිය බල ප්‍රදේශයට ඩෙංගු ,බරවා රෝග වාහක මදුරුවන්ගේ නිජ භූමි බවට පත්වී ඇත.
          
මේසා විශාල පාරිසරික හානියක් සිය බල ප්‍රදේශයට සිදුවෙමින් පැවතියද ඊට අදාළ බලධාරීන් මුනිවත රැකීම ඉතා කනගාටුදායක බව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් ගුණරත්න මහතා කීවේය.මේ පාරිසරික විනාශය නතර කිරීමට කඩිනම් විසදුමක් නොගත හොත් මුලු කරන්දෙණියම මේ වැලි ජාවාරමෙන් විනාශවී යාම නොවැලැක්විය හැකි බවද ගුණරත්න මහතා කීවේය.
            
මේ සම්බන්ධයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණී අමරවංශ මහතාගෙන් විමසූවිට පැවසුවේ මේ පිලිබදව තමාට ද තොරතුරු ලැබී ඇති බවත් මේ ගැන අදාල බලධාරීන් දැනුම්වත් කිරීමට පියවරක් ගන්නා බවය.

 



අදහස් (0)

කරන්දෙණියේ ජාවාරම්කරුවෝ ගොඩඉඩම්වල වැලි හාරති‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1726 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site