IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තවලම සතිපොළ ආශ්‍රිත වෙළඳසැල්වල 10දෙනෙකුට කොරෝනා

(ජේ.කේ.එල්. චාමින්ද)
 
තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රියදුරු ඇතුළු තවලම සතිපොළ ආශ්‍රිත වෙළදසැල්වල පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රියදුරුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා ඔහුගේ පළමුපෙළ ආශ්‍රිතයකු වන  තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ද නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.   කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රියදුරු පි.සි.ආර් පරීක්ෂණයකට ලක්කොට ඇති අතර එහි ප්‍රතිඵලවලට අනුව ඔහු ආසාදිතයකු බව තහවුරු වී තිබිණි.
 
මේ නිසා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සියලුම කාර්යමණ්ඩල සදහා අද දින (20) පි.සි ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවද ඒ මහතා පවසයි. එවායේ ප්‍රතිඵල මත ඔවුන් නිරෝධායනය කිරීමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි.
 
එමෙන්ම තවලම සතිපොළ ආශ්‍රිතව වෙළදසැල්වලින් හමුවු ආසාදිතයින්ගේ පවුල්වල සමාජිකයවන්ද පි.සි ආර් පරික්ෂණවලට ලක්කිරිමට නියමිතව ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. පි.සි ආර් පරික්ෂණ 68ක් සිදුකොට ඇති අතර ඉන් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වි තිබුණි.වෛරසය ආසාදනය වුවන් අතර පිරිමි 07 දෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකුද සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.



අදහස් (0)

තවලම සතිපොළ ආශ්‍රිත වෙළඳසැල්වල 10දෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site