
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති රඹකැන්ඔය ජලාශයේ ජල මට්ටම ඉහළ නැගීමත් සමගම එහි වාන් දොරටු දෙක විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්මේන්තුවේ නිලධාරීහු පියවර ගත්හ.
රඹකැන්ඔය ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 45500 ක් වන අතර දැනට අක්කර අඩි 44471 ක ජලයක් එකතුවී තිබේ. එක වාන් දොරටුවක් අඟල් තුන බැගින් විවෘත කළ අතර එයින් තත්පරයකට ඝන අඩි 300 ක ජල ප්‍රමාණයක් පිටවෙන බව රඹකැන්ඔය වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසීය.
ජලාශයේ පහළ සිටින අය දැනුවත් කිරීමටද වාරිමාර්ග නිලධාරින් කටයුතු කර තිබේ.
2015 වසරේ රඹකැන්ඔය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළ අතර විදේශ ආධාර නොලබා ලංකාවේ මුදල්වලින් මෙම වැව ඉදිකරනු ලැබිණි.
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රඹකැන්ඔය ජලාශයේ වාන්දොරටු අරී