IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වළව ගොවීහු මාරාන්තික උපවාසයක් අරඹති

(රොෂාන් ගුණසේකර)
 

යෝජිත වන අලි කලමණාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වලව ගොවින් අද (20) මාරාන්තික උපවාසයක් ආරම්භ කළ  බව වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා පැවසීය.
 
ගොවි සංවිධාන  නියෝජිතයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 3ක් ගත වුවත් මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් අද ගොවි නියෝජිතයින් තිදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබීය.
 
හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලු වලව කලාපයේ ගොවීන් වසර කිහිපයක් තිස්සේ වන අලි ගැටලුවට මුහුණ දීමෙන් ඔවුන්ගේ බව‍‍ භෝග දේපල සහ ජීවිත රැසක්ද මේවන විට අහිමි වී ගොස් ඇත.
 
වලව වම්ඉවුර ගොවි සංවිධානය ඇතුලු වලව කලාපයේ ගොවි සංවිධාන 86ක නියෝජිතයින් මෙම සත්‍යග්‍රහයට සහයෝගය පලකරති. මහා සංඝරත්නයේ ආශිර්වාදය පෙරටුකර ගනිමින් අද පස්වරුවේ  උපවාසය සදහා පිරිස අසුන් ගත්හ.
 
තම ගැටලුවට නිසි විසදුම් ලැබෙනතෙක් අරගලය අත් නොහරින බවට ගොවීන් ප්‍රතිඥාවක්ද  ලබා දෙන ලදී.

 



අදහස් (1)

වළව ගොවීහු මාරාන්තික උපවාසයක් අරඹති

විජිත් Wednesday, 20 January 2021 03:02 PM

මෙයට කල්පවතින එකම විසඳුම මත්තල ගුවන්තොටුපොළ ඇතුළු ඒ අවට කැලෑව නැවත වන අලින්ට බාරදීමයි. මෝඩ උද්දච්ච මිනිසෙකුගේ අපරික්ෂාකාරී ආත්මාර්ථකාමී තීරණයක් නිසා හදපු සුදු අලියා හෙවත් මත්තල ගුවන්තොටුපොළ ඊට කලින් වන අලින්ගේ රජදහනක්. පරිසර සහ සත්ව වේදීන්ගේ උපදෙස් නොතකා කළ දෙයින් අලින්ට උන්ගේ වාසභූමි නැතිවුනා. ජීවත්වීමේ අරමුණෙන් දැන් අලින් ඉබාගාතේ ඇවිදිනවා. ගොවි බිම් විනාශකරනවා.මිනිස් ජිවිත කියක් දැනට බිලිවෙලාද....අලි කි දෙනෙක් මැරුණාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site