IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොග්ගල වෙළඳ කලාපයේ කම්හල් 6කට කොරෝනා පැතිරෙයි

(ජේ.කේ.එල් චාමින්ද)
 
කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
 
ඊයේ (20) දිනය තුල නව ආසාදිත රෝගින් 05  දෙනෙකු වාර්තා වී ඇති බවද කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 06කින් මෙම රෝගින් වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි. 
 
මේ වන විට කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 1500ක් පමණ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින් බව පවසන  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 4000ක ප මණ  පි.සි ආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකොට ඇති බවද පවසයි.
 
මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇතිවි තිබෙන කොරෝන පොකුර පාලනය කිරිම සම්බන්ධව සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල්ඩිගොල් ශාලාවේ දි පැවැත්විණි. කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් වල කළමණාකරුවන් සෞඛ්‍ය බලධාරින් හා ආරක්ෂක අංශවල සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.  කොග්ගල නිදහස් වෙළද කළාපය තුල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් මාර්ග උපදෙස්වලට අනුව කටයුතු  සිදුවනවාද යන්න පිළිබද අධික්ෂණය කිරිම සදහා නාවික හමුදාවේ සහයෝගය ලබාගැනිමට ද මෙහිදි තිරණය  වි ඇත.



අදහස් (2)

කොග්ගල වෙළඳ කලාපයේ කම්හල් 6කට කොරෝනා පැතිරෙයි

Prasad Thursday, 21 January 2021 05:17 AM

ගාල්ලේ කොරෝනා පාලනය කරන්න බැරි පිටකොන්දක් නැති ගාල්ලේ මන්ත්‍රීවරු නිසා... දෙනදෙයක් කාලා වෙන දෙයක් බලාගෙන තමන්ගේ තනතුර රැකගන්නවාට වඩා දෙයක් මෙයාලාගේ නැහැ.

:       0       1

මාතර සත්‍යපාල Thursday, 21 January 2021 07:51 AM

පුලුවන් නම් ගාල්ලත් වනසපල්ලා... එච්චරයි අඩු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site