කොන්දොස්තරට පහර දුන් පෞද්ගලික බස් සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ලංකා ගමනාගමනය මණ්ඩලයට අයත් බදුල්ල ඩිපෝවේ දුර ගමන් සේවා බස් රථ කොන්දොස්තරවරයකුට පහර දී ටිකට් යන්ත්‍රයට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධියකට සම්බන්ධ පෞද්ගලික බස් රථ සේවකයින් තිදෙනෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 14 January 2021
ගංවතුරෙන් කිලිනොච්චිය, යාපනය සහ මන්නාරමේ පවුල් 3000 ක් අවතැන් මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය,කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රීක්කයන්හි පවුල් 3000 කට ආසන්න පුද්ගලයින් 17,000 කට අධික පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරී කාර් යාල පවසයි. 14 January 2021
නීති විරෝධීව හක්බෙල්ලන් ළග තබාගෙන සිටි අයෙක් පොලිස් බාරයට මන්නාරම බස්නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නිවසක සිදුකළ පරික්ෂාවකදී නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි හක්බෙල්ලන් 1,977 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර් ය බලකාය පවසයි. 14 January 2021
දකුණේ බස් රථ ආයෝජකයන්ගේ සංගමය 18 දා වැඩවැරුමකට සැරසෙයි සිය ඉල්ලීම් 6කට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් ජනවාරි මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මහා වැඩ වර්ජනයකට යන බව දකුණු පළාත් මගී ප්‍රවාහන බස් රථ ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ජී.චන්දන ද සොයිසා මහතා අද (14 ) පැවසීය. 14 January 2021
අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලත් කොරෝනා ආසාදිතයන්ට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලක් බවට අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල පත්කරන බව දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හා කරාපිටිය රෝහලේ අධ්යක්ෂ ප්රශන්ත ජීවරත්න මහතා පවසයි. 14 January 2021
’’රත්මලානේ කුඩු අංජු’’ගේ ගෝලයෙක් ලක්ෂ 15ක හෙරොයින් සමඟ අල්ලයි විදේශ රටකට පලාගොස් සිටින ’’රත්මලානේ කුඩු අංජු’’ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ ගෝලයකු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙරොයින් මත්කුඩු සමඟ අද (14) මොරටුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 14 January 2021
ටිපර් රථයක් - යතුරුපැදියක් ගැටි පුද්ගලයකු මියයයි බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටිමෙන් සිදු වු අනතුරකින් පැදිකරු අද (13) රාත්‍රියේ මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 13 January 2021
බිරිඳ ඝාතනය කළ සැමියාට වසර අටකට පසු මරණ දඬුවම පොල් කැඩීමට යොදාගන්නා පිහියෙන් ඇන තම බිරිද ඝාතනය කළ පොල් කඩන්නෙකුට විරුද්ධව පැවති නඩු විභාගයකින් වැරදිකරුවෙකු වූ පුද්ගලයකුට වසර අටකට පසු තංගල්ල පළාත්බද මහාධිකරණ විනිදුරු රශ්මි සිංගප්පුලි මහතා අද (13) මරණ දඬුවම නියම කළේය. 13 January 2021
නිරෝධායනය වෙන්න තිබියදී කෑගලු ප්‍රා.සභාපති රැස්වීම තියලා කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා හට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් නිරෝධායනය වීමට දන්වා තිබියදී නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින් අද (13) කෑගල්ල ප්‍රදේශිය සභාවේ මහා සභා රැස්විම පවත්වා තිබේ. 13 January 2021
පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යළි ධාවනයට පුත්තලම ලංගම ඩිපෝවේ සියලුම බස් රථ විසබීජහරණය කිරීමේන් අනතුරුව නැවත මගී ධාවනයට යෙදවු බව පුත්තලම ලංගම ඩිපෝ කළමණාකරු එච්.එම් .සී .එච් .අබේසිංහ මහතා අද(13) පැවසීය. 13 January 2021
ගංවතුරින් උතුරේ 3000ක් පීඩාවට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් දහසක පුද්ගලයින් 3000 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බව ආපදා කළමනාකරණ නිලධාරී කාර්යාලය පවසයි. 13 January 2021
උතුරේ අස්වනු නෙළීමට ආසන්න කුඹුරු ජලයෙන් යටවෙයි උතුරු ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වැසි ජලය සහ වාන් ජලය හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බවට උතුරේ ගොවීහු පවසති. 13 January 2021
කලවාන ප්‍රා. වෙළඳැසල් විවෘත කරන්න අවසර කලවාන ප්‍රාදේශීය වෙළෙඳසැල් යළි විවෘත කරන ලෙස එම වෙළෙඳසැල් හිමියන් වෙත අද (13) කලවාන කොව්ඩ් මර්ධන කමිටුව දැනුම් දෙන ලදී . 13 January 2021
කෝටි 2ක මුදල්-ස්වර්ණාභරණ සමඟ දෙදෙනෙකු අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සහ පවුම් 40 ක ස්වර්ණාභරණ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය. 13 January 2021
කලවානේ බැංකු විවෘත කරයි කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය අද (13) ප්‍රකාශ කළේය. 13 January 2021
මයික්‍රෝ පිස්තෝලයක් සමග අයෙක් එස්.ටී.එෆ්. දැලේ විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් විසින් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක් සහ උණ්ඩ හතක්ද සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අද (12) සවස රත්ගම පොලිසිය වෙත බාරදී තිබේ. 12 January 2021
නීතිවිරෝධී උපන්දින සාදයක් පැවැත්වූයේ යයි දඩ කොරෝනා වසංගත තත්වය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සමයේ උත්සව තහනම් කර තිබියදී, නීති විරෝධී ලෙස උපන් දින මත්පැන් සාදයක් පැවැත් වූ සැකකරුවෙකුට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (12) නියෝග කළාය. 12 January 2021
රිය අනතුරු දෙකකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල බණ්ඩාරගම පොලිස් වසමේ ප්‍රදේශ දෙකකදී අද (12) දහවල් පැය දෙකක් තුළ සිදුවූ අනතුරු දෙකකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 12 January 2021
අල්ලස් ඉල්ලූ පී.එච්.අයි. අල්ලයි ගවඝාතනාගාරයක හිමිකරුවකුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීමට තැත්කළ උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක( විමර්ශන)කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය පැවසුවාය. 12 January 2021
කඳුරුවෙල නිරෝධායන මධ්‍යස්ථානයේ 16 කට කොරෝනා පොලොන්නරුව,කදුරුවෙල නගරයේ දැනට අගුළු දමා ඇති කොටසේ නිරෝධායනය වන පිරිස අතුරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු අද(12) දිනයේ හමුවූ බව පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය. 12 January 2021
මත්පෙති සමඟ අයෙක් යටදොළින් අල්ලයි මතුගම යටදොළ ප්‍රදේශයේදී මත් පෙති සමග පුද්ගලයෙකු අද ( 12 ) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 12 January 2021
පුත්තලම බස් කොන්දොස්තරගේ ගමේ අය 40 ක් නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වූ පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවේ බස් කොන්දොස්තරවරයාගේ පවුලේ සිව්දෙනෙකු සහ ආශ්‍රිතයන් ලෙස පවුල් 12 ක පුද්ගලයන් 40ක් පමණ නිරෝධායනයට ලක් කළ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (12) පැවසීය . 12 January 2021
දරුවන් පාසලෙන් ගෙනයන්න ඇවිත් කලබලයක් දඹුල්ල ඩී එස් සේනානායක මහ විදුහලට අද (12) උදෑසන පැමිණි දරු දැරියන් මව්පියන් පැමිණ යළි නිවෙස් වලට කැඳවාගෙන යාමට සූදානම් වීමේදී බළධාරීන් සහ මව්පියන් සමඟ යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. 12 January 2021
පස්බාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වහයි නාවලපිටිය පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට අද(11) කළ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව එම කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.යුසුප් මහතා පැවසීය. 12 January 2021
කවුඩුල්ල වැවේ වාන් දොරටු 6 ක් විවර කරයි කවුඩුල්ල වැවේ වාන් දොරටු දොළහෙන් දෙකක් විවෘත කලත් වැවට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවිමෙන් අද (12) දින තවත් දොරටු හතරක් අඩි එක බැගින් විවෘත කළ අතර කළ බව මැදිරිගිරිය වාරි ඉංජිනේරු පි ජි දඹෝරගම මහතා පවසයි. 12 January 2021
දෙදරු පියාගේ සිරුර සිංගිමලේ රක්ෂිතයෙන් හමුවෙයි සිංගිමලේ රක්ෂිතයේ දර සෙවිමට ගිය දෙදරු පියාගේ සිරුර එම රක්ෂිතයේ නැගෙනහිර මායිමේ තිබි අද (12) සොයාගත් බව හැටන් පොලිසිය පැවසිය. 12 January 2021
කොග්ගල මුහුදේ ගසාගෙන ගිය දෙදෙනෙකු බේරාගැනේ - අයෙක් අතුරුදන් කොග්ගල මෝය කට අසළ මුහුදේ නෑමට ගොස් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන ගිය තරුණයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි. 11 January 2021
කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු 2ක් අරී නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ ජලය පිටාර මට්ටමට පිරෙමින් පවතින නිසා එහි වාන් දොරටු 12න් 2ක් අඩි 01බැගින් විවෘත කිරීමට අද (11) සවස පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 11 January 2021
කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය වාන් දමයි පවතින මහ වැසිත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයද වාන් දැමිමට පටන් ගෙන ඇති බව පුත්තලම වාරි මාර්ග අධ්යක්ෂ කාර්යාලය කියයි. 11 January 2021
පලාගල පුරාවස්තු විනාශ කිරිම ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි පලාගල, මහහුරුල්ලෑව පුරාවිද්‍යා ස්මාරකය ඩෝසර් කිරීමේ සිද්ධිය පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස පුරා විද්‍යා නිලධාරින්ට උපදෙස් දුන් බව ජාතික උරුම, ප්රසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (11) පැවැසීය. 11 January 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026