IMG-LOGO

අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලත් කොරෝනා ආසාදිතයන්ට

(එස්. ඒ. වයි. ද සිල්වා)
 
ගාල්ල දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන ප‍්‍රධාන රෝහලක් බවට අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල පත්කරන බව දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ප‍්‍රශන්ත ජීවරත්න මහතා පවසයි.
 
තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
 
̔දැනටමත් යුද හමුදාව මෙම රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ප‍්‍රතිසංස්කරණය කරගෙන යනවා. මෙහි ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශ්වයේම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙය ඒ සදහා වෙන් වූ ප‍්‍රධාන රෝහලක්  බවට පත්වෙනවා. ඉදිරියේ දී ගාල්ල දිස්ති‍්‍රක්කයේ කොරෝනා රෝගීන් දිස්ති‍්‍රක්කයෙන් පිට නොයවා දිස්ති‍්‍රක්කය තුළම ර`දවා ප‍්‍රතිකාර කරනවා
 
මුඛ ආවරණ නැතුව ගමන් ගන්නා ජනතාවට හා මහ මග කෙළ ගසන අයට විරුද්ධව දැඩිව ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලත් කොරෝනා ආසාදිතයන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site