IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කලවාන ප්‍රා. වෙළඳැසල් විවෘත කරන්න අවසර


 
 
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )


කලවාන ප්‍රාදේශීය වෙළෙඳසැල් යළි විවෘත කරන ලෙස එම වෙළෙඳසැල් හිමියන් වෙත අද (13)  කලවාන කොව්ඩ් මර්ධන කමිටුව දැනුම් දෙන ලදී  .


පසුගිය (10)  වැනිදා සිට කලවාන ප්‍රදේශයේ වෙළෙඳසැල් ඇතුළු ආයතන යළි දැනුම් දෙන තුරු වසාදැමීමට කලවාන කොව්ඩ් මර්ධන කමිටුව තීරණය කෙරිණි. ඒ අනුව දින තුනක් කලවාන නගරයේ වෙළෙඳසැල් වසා තැබිණි .


අද (13) කලවාන තපස්සරකන්ද ක්‍රීඩාංගණයේ දී කලවාන වෙළෙඳසැල් හිමියන් හා කලවාන කොව්ඩ් මර්ධන කමිටුව විසින් පවත්වනු ලැබූ සාකච්ඡාවකින් පසුව යළි නගරයේ වෙළෙඳසැල් විවෘත කිරීමට තීරණය කළේය. 


විවෘත කරන වෙළෙඳසැල්වල විස්තර කලවාන සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය වෙත ලබාදිය යුතු බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය මගින් පරීක්ෂා කිරීමේදී එය ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය විසින් වෙළෙඳසැල් හිමියන් වෙත දැනුවත් දෙන ලදී.

එසේම නිසි සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් එම උපදෙස් කඩකරන වෙළෙඳසැල් නඩු පවරා වසා දැමිමට පියවර ගන්නා බවද මෙහිදී කොව්ඩ් මර්ධන කමිටුව විසින් වෙළෙඳසැල් හිමියන්ට ප්‍රකාශ කර සිටියහ.


එසේම නිරෝධානය වන වෙළෙඳසැල් හිමියන්ගේ වෙළෙඳසැල් විවෘත නොවන බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය .
 



අදහස් (0)

කලවාන ප්‍රා. වෙළඳැසල් විවෘත කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site