(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ලංකා ගමනාගමනය මණ්ඩලයට අයත් බදුල්ල ඩිපෝවේ දුර ගමන් සේවා බස් රථ කොන්දොස්තරවරයකුට පහර දී ටිකට් යන්ත්‍රයට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධියකට සම්බන්ධ පෞද්ගලික බස් රථ සේවකයින් තිදෙනෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවන කෙරෙන දුර ගමන් සේවා ශ්‍රි ලංගම බස් රථය බලන්ගොඩ නගරයේ දුර ගමන් සේවා බස් නැවතුම්පොළෙහි මගින් නංවා ගැනීම සදහා නතරකර තිබේ.
එම අවස්ථාවේදී බලන්ගොඩ සිට රත්නපුර දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවල සේවකයින් පිරිසක් ගොස් ශ්‍රි ලංගම බස් රථ කොස්දොස්තරවරයාට බස් රථය රැගෙන යන ලෙස දන්වා බැන වැදී ඇත.
එහිදී ලංගම බස් රථ කොන්දොස්තර වරයා පවසා ඇත්තේ මද වෙලාවකින් පිටත්ව යන බවයි. එහිදී ඇති වු බහින් බස් විම දුර දිග ගොස් පහර දිමක් ද සිදුව ඇතැයි පොලිසිය පවසයි.
තමන්ට පහර දි ටිකක් යන්ත්‍රයට අලාභ හානි සිදු කළ බවට ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තර වරයා බලන්ගොඩ පොලිස් ස්ථනය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි. බව බලන්ගොඩ පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොන්දොස්තරට පහර දුන් පෞද්ගලික බස් සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට