(එම්.සුසිල් ප්‍රියන්ත)
සිය ඉල්ලීම් 6කට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් ජනවාරි මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මහා වැඩ වර්ජනයකට යන බව දකුණු පළාත් මගී ප්‍රවාහන බස් රථ ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ජී.චන්දන ද සොයිසා මහතා අද (14 ) පැවසීය.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කොස්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී සොයිසා මහතා එසේ කීවේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ චන්දන ද සොයිසා මහතා මෙසේද කීවේය.
"කොරෝනා ව්‍යසනයෙන් අපේ කර්මාන්තය කඩා වැටුණා. අපේ බස් රථ දුවන්නේ නැතිව එක තැනම සිටියා. ආදායමක් නැතිව එක තැන තිබෙන බස් රථ අලුත්වැඩියා කිරීම අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා. ඒ සඳහා 4%ක සහන පොලියට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. ඒක නිසි ආකාරයට වුණේ නැහැ. අපේ පළමු ඉල්ලීම එය ලබාදෙන ලෙසයි.
තව හය මාසික ලීසිං වාරික සහනයක් අපිට ඕන.ඒ ලීසිං වාරික සහනය ඕන 11.5%ක පොලියට නෙමෙයි 4% පොලියටයි. ඒක අපේ දෙවැනි ඉල්ලීමයි.දකුණු පලාතේ මගී ප්‍රවාහන සේවකයින්ට ලබාදුන් රජයේ රුපියල් 5000 අනෙක් පලාත්වල සේවකයින්ට ලබා දෙන ලෙස ඉල්ලීම තුන්වැන්නයි.
බස් මගීන් සදහා විද්‍යුත් කාඩ්පතක් ලබාදීම හතර වැනි ඉල්ලීම වෙනවා.මේ ඉල්ලීම අපි කාලයක් තිස්සේ සිටම කරන එකක්. මගී ප්‍රවාහනය සදහා දැනට තිබෙන පෞදගලික මගී ප්‍රවාහන ආයතන මෙන්ම ඒවෙනුවෙන් ඇති රජයේ ආයතන ඉවත්කොට එකම ආයතනයක් යටතට මේ සේවාව ලබා දෙන ලෙස ඉල්ලීම පස්වැනි ඉල්ලීමයි.
මේ ඉල්ලීම්වලින් අවසාන එක වගේම හය වැනි ඉල්ලීම ලෙස අපි ඉල්ලන්නේ ප්‍රවාහනය සදහා පත්කර සිටින ඒ ගැන දැනුමක් නැති ප්‍රවාහන කැබිනට් ඇමතිවරයයි රාජ්‍ය ඇමතිවරයයි වහාම ඉවත් කරලා ඒ වෙනුවට ක්ෂේත්‍රය ගැන දන්න ඇමතිවරු දෙන්නෙක් පත් කරන්න කියලා. මේ ඇමතිවරු දෙන්නා අපි දකින්නේ වැඩ බැරි ටාසන්ලා කියලා. තවම මේ ඇමැතිවරු දෙන්නා ලංකාවේ මගී ප්‍රවාහනය දියුණු කරන්න එක වචනයක් කතා කරලා නැහැ. අපේ සංගම් එක්ක තවම කිසිම සාකච්ඡාව්කට ඇවිල්ලා නැහැ.
මේ ආණ්ඩුව පත්කර ගැනීමට අපිත් දරදිය ඇද්දා. දැන් ආණ්ඩුව යන ගමන ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අය වැය ඉදිරිපත් කලා මගී ප්‍රවාහනය වෙනුවෙන් මොනවද එහි තිබුනේ .කිසිම දෙයක් නැහැ. අපේ ඉල්ලීම් කඩිනමින් ලබා නොදුනහොත් අනිවාර්‍යයෙන්ම 18 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට යනවා. එහිදී මගීන්ට විදින්නට සිදුවෙන අපහසුතා හා පීඩනය ගැන සංගමයක් විදිහට අපි කනගාටුවෙනවා" යැයිද කීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දකුණේ බස් රථ ආයෝජකයන්ගේ සංගමය 18 දා වැඩවැරුමකට සැරසෙයි