දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තුනක් අරී දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 03ක් අඩියක් දක්වා අද (11) පෙරවරුවේ විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින්, පහත් බිම්වල වෙසෙන පිරිසට අවධානයෙන් සිටින ලෙස නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවට දැනුම් දෙයි. 11 January 2021
වැස්සෙන් පදවියේ ගම්මාන රැසක් යට වෙයි මේ දිනවල උතුරුමැද පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පදවිය ප්‍රදේශයේ ගම්මාන ගණනාවක් ( 11 ) දහවල් වනවිට ජලයෙන් යටවී ඇති බවත් එම ප්‍රදේශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති. 11 January 2021
මදුරු මර්දන සහයකවරු රැකියා ස්ථිරකරන්නැයි වීදි බසිති දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන මදුරු මර්දන සහයකයන්ගේ රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා අද(11) විරෝධතාවක නිරතවූහ. 11 January 2021
ජෝසප් පරරාජසින්ගම් ඝාතන නඩුවේ තීන්දුව බදාදා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසින්ගම් ඝාතන නඩුවේ නඩු තීන්දුව ලබන බදාදා ප්‍රකාශයට පත්කරන බව මඩකලපුව මහාධිකරණයේ විනිසුරු ටි. සුසයිදාසන් මහතා අද දැනුම් දුන්නේය. 11 January 2021
අලියා පලවාහරින්න ගිය ගොවියා අලියාගේ පහරින් මරුට මැදිරිගිරිය ඇටඹඔය සමගිපුර ප්‍රදේශයේදී අද(11) වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි. 11 January 2021
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කාර්යාලය වහයි රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගාල්ල අක්මීමන කාර්යාලය අද (11) පෙරවරු සම්පුර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ කටයුතු කර ඇත. 11 January 2021
දික්ඔය රෝහලේ 15 ක් නිරෝධායනයට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු රෝහල තුළම ස්වයං නිරෝධානයට යොමු කළ බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍යය ජේ.අරුල් මහතා පැවසිය. 11 January 2021
ඉරණමඩු ජලාශයේ වාන්දොරටු 6ක් අරී උතුරු පළාතට බලපා ඇති දැඩි වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග එම පළාතේ ප්‍රධානතම ජලාශයක් වන ඉරණමඩුව ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. 11 January 2021
කොග්ගල ඇඟලුම් කම්හලක දෙදෙනෙකුට කොරෝනා කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් කම්හලක සේවිකාවක් සහ සේවකයෙක් කොවිඩ්-19 ආසාධිතයින් බව අද (10) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි. 10 January 2021
වැසි සහිත සුළගෙන් මොරටුවේ නිවාස 20 කට අධික සංඛ්‍යාවකට හානි වැසිබර කාලගුණික තත්ත්වයත් සමඟ මොරටුව ප්‍රදේශය පුරා හමාගිය දැඩි සුළං තත්ත්වයෙන් නිවාස 20 කට වැඩි සංඛ්‍යාවක් ආපදාවට ලක්වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර සම්බන්ධිකාරක අනුර කලංසූරිය මහතා පැවසීය. 10 January 2021
බෝඩිමේ ඇන්ටිගේ පුතා ලක්ෂ තුනක විදුලි උපකරණ සොරාගනී කිරුලපන නන්දමිත්‍ර පෙදෙසේ නවාතැන්පොළක පෙට්ටියක බහා වැඩි පරිස්සමට තබා තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා විදුලි උපකරණ සොරාගත් බෝඩිමේ හිමිකාරියගේ පුත්‍රයා අද ( 10 ) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය කියයි 10 January 2021
යතුරුපැදි අනතුරින් හමුදා සෙබළෙක් මරුට පොලොන්නරුව,මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල 28 වෙනි සැතපුමට ආසන්නයේ දී අද (10) ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක හැපීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 10 January 2021
ලාහුගල වනඋද්‍යානයේ නිධන් හැරූ 8 ක් අල්ලති ලාහුගල වනඋද්‍යානයේ ආම වට්ටුවා ප්‍රදේශයේ විශේෂ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය . 10 January 2021
වල්කපන පිහියකින් පුද්ගලයෙකු ඝාතනය කරලා මහියංගණය කෙසෙල්පොතය යාය දොළහ ගොවි ජනපදයේදී පුරුෂයෙකු වල් කපන පිහියකින් කපා ඝාතනය කළැයි සැකපිට 39 හැවිරිදි අනියම් බිරිඳ අද (10) දා අලුයම මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 10 January 2021
උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07ම අරියි දින කිහිපයක් තිස්සේ පැවති ධාරානිපාත වර්ෂාව සමඟ උල්හිටිය රත්කිඳ මහවැලි මහා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු 07ම අද (09) වැනිදා දහවල් සිට විවෘත කර ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 09 January 2021
මධ්‍යම පළාතෙන් කෝවිඩ් ආසාධිතයින් 2479ක් මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (09) පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 161 ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 2479 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 09 January 2021
විදුලි රැහැනේ පැටලී අයෙක් මරුට අසල්වැසි පුද්ගලයෙකු විසින් වල් ඌරන් මැරීමට දැමූ බවට සැකකෙරෙන අනවසර විදුලිය රැහැනක පැටලී 65 වියැති ගොවියෙකු, විදුලිය සැර වැදීමෙන් දිවුල්ලෑගෙඩදී අද (09) එම ස්ථානයේම මියගොස් ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය. 09 January 2021
බූස්සේ උද්ඝෝෂණයක් සිය ගම්මානවලට සන්නිවේදන තරංග (සිග්නල්) අවහිර කර ඇතැයි කියමින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය අවට ගම්මාන 20ක පමණ ජනතාව අද (9) ගාලුපාරේ බූස්ස මංසන්ධියේ සිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. 09 January 2021
කලවාන වෙළෙඳසැල් 04ක් වසයි කලවාන නගරයේ වෙළෙඳසැල් 04ක් අද ( 09) වසාදැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය . 09 January 2021
ත්‍රී රෝද රථය අඩි 100 ක් ප්‍රපාතයේ තලවකැලේ - ඩයගම මාර්ගයේ ලිඳුල රෝහල අසල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් අඩි 100 ක පමණ ප්‍රපාතයකට අද (08) සවස පෙරැළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 08 January 2021
විදුලිසැර වැදී සිව් දරු පියා මරුට විදුලිසැර වැදි සිව්දරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 08 January 2021
හල්දුම්මුල්ල ප්‍රා. සභා අයවැය ඡන්ද 14කින් සම්මතයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ඡන්ද 14කින් අද (8) සභා සම්මත විය. 08 January 2021
හොර වීසා පෙන්වා රට පනින්න හැදූ 3ක් දැලේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉතාලියට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අද(08)කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 08 January 2021
ගලේවෙල පුවක්පිටිය-නබඩගහවත්ත අවදානමේ ගලේවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පුවක්පිටිය සහ නබඩගහවත්ත ප්‍රදේශවලින් දිගින් දිගටම කෝවිඩ් ආසාදිතයන් හමුවීම නිසා ඉදිරියේ දී සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව සංචාරණ නීති පැනවීමට සිදුවන බව ගලේවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් රත්නායක මහතා අද(8) පැවසීය. 08 January 2021
අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට බෙලිඅත්ත පල්අත්තර ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රී සිදුවූ ටිපර් රථ යතුරුපැදි ගැටුමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 08 January 2021
අතුරුදන් වු ධීවරයෙකු සොයයි බේරුවල ධීවර වරායෙන් ඉකුත් 31 වන දින ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙන එම්.වී.අය්.එල්.යූ.0271k l අංක දරණ සීවිස් නම් වූ බහුදින යාත්‍රා වී සිටී ධීවරයෙකු නැගෙනහිර මුහුදු සීමාවේ කිලෝමීටර් 200ක පමණ දුරින් සිටියදී මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි යාත්‍රාවේ හිමිකාර පාර්ශවය බේරුවල පොලීසියට පැමිණිලි කර ඇතැයි බේරුවල පොලිසිය අද (7) පැවසීය. 07 January 2021
අපරාධ රැසකට සම්බන්ධ අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 07 January 2021
බගවන්තලාවට නව නිරෝධායන මධ්‍යස්ථානයක් බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා පවසයි. 07 January 2021
දැදුරුඔයේ වාන්දොරටු 4ක් විවෘත කරයි පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (07) අලුයම අඩි තුන බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය. 07 January 2021
කොවිඩ් ආසාදිතයන් රඳවා සිටින කෑගල්ල උඳුගොඩ රෝහල අසළ නායයාමක් කෑගල්ල ප්‍රදේශයට ඇතිවූ අධික වර්ෂාසහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල කෝවිඩ් 19 රෝගීන් රඳවා සිටින උඳුගොඩ, කබගමුව රෝහල් පරිශ්‍රය අසළ ද නාය යෑමක් සිදුව ඇත. 07 January 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026