(ටි.එල් ජවුෆර්ඛාන්)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසින්ගම් ඝාතන නඩුවේ නඩු තීන්දුව ලබන බදාදා ප්‍රකාශයට පත්කරන බව මඩකලපුව මහාධිකරණයේ විනිසුරු ටි. සුසයිදාසන් මහතා අද දැනුම් දුන්නේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මෙම නඩුවේ සාක්ෂි ඉදිරිපත් කර ඉදිරියට ගෙනයාම අවශ්‍ය නොවන බවත් මෙම නඩුව ඉදිරියට ගෙනයාමට නීතිපති දෙපාර්මේන්තුව බලාපොරොත්තු නොවන බවත් අධිකරණයේදී පැවසීමෙන් අනතුරුව අධිකරණය අද මෙලෙස ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසින්ගම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වන දින මඩකලපුව ශාන්ත මරියාල් දේවස්ථානයේදී ඝාතනය කෙරිණි.
මෙම ඝාතනය සම්බන්ධව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් , හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් සිල්වා කිරුෂාන්තන් රාජා , කජන් මාමා යනු කනහනායගම් හා හමුදා බුද්ධි අංශ නිලධාරි එම කලීල් හිටපු හමුදා සෙබල මදුසංඛ (විනොත්) යන පිරිස් සැකපිට 2015 වසරේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර 2020.11.24 වන දින අප මත නිදහස් කළේය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජෝසප් පරරාජසින්ගම් ඝාතන නඩුවේ තීන්දුව බදාදා