(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන නගරයේ වෙළෙඳසැල් 04ක් අද ( 09) වසාදැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය .
වසාදැමූ එක් වෙළෙඳසැලක පුද්ගලයකු හට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඉතුරු වෙළෙඳසැල් 03 තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
කොරොනා ආසාදනය වී ඇති වෙළෙඳසැලේ පුද්ගලයා එම වෙළෙඳසැල් වලට ගොස් ඇති බවත් ඒ හේතුවෙන් එම වෙළෙඳසැල් වල සේවකයන් ඇතුළු පිරිස පී.සී.ආර් පරීක්ෂණ සිදුකර නිරෝධානයට ලක්කර ඇති බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. පසුගිය 04 වැනිදා සිදුකල පී.සී.ආර් පරීක්ෂණ 160 මේ වනවිට ලැබීඇති පරීක්ෂණ වාර්තා අනුව පුද්ගලයන් 10 දෙනෙකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් මේ වන විට කලවාන ප්‍රදේශයෙන් කොරොනා ආසාදනය වූ පුද්ගලයන් 32ක් වාර්තා වන බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කලවාන වෙළෙඳසැල් 04ක් වසයි