IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මධ්‍යම පළාතෙන් කෝවිඩ් ආසාධිතයින් 2479ක්


(මොහොමඩ්  ආසික්)

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (09)  පෙරවරුව  දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින්  161  ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා  කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්  2479  දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අද 09 පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  1637ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 625ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  217ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන  අද වනවිට මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන්  වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 346ක් වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම  ආසාදිතයින්  ප්‍රමාණය වාර්තා වී ඇත්තේ  අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 264  ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ   උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එය 56 ක් වෙයි.

අද (09) පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින්  161  දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් 140 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, ආසාදිතයින් 06 දෙනෙකු   නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, 15 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.

මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 14 ක්  සහ  මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 02ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කෝවිඩ් මරණ 16ක් වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.

මේ අතර මධ්‍යම පළාත තුල ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොව්ඩ 19 වයිරසය ආසාදිතයින් 871 දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටින බවද මධ්‍යම පළාත්  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි



අදහස් (0)

මධ්‍යම පළාතෙන් කෝවිඩ් ආසාධිතයින් 2479ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site