IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බගවන්තලාවට නව නිරෝධායන මධ්‍යස්ථානයක්

( රංජිත් රාජපක්ෂ  )   

බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතු යායේ මොරා කොටස් පිහිටි ජාතික වැවිලි කළමණාකරණ ආයතනය (06) දින සිටි නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ බව මධ්‍යම පලාත් සෞඛ්‍යය අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පැවසිය.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලයක් යොදා ගනිමින් එම නිරෝධායන මධ්‍යස්ථානය ආරම්භ කල බවත් , එම නිරෝධායන මධ්‍යස්ථානය ඇදන් 138 කින් සමන්විත බවද කිවේය.

එම නිරෝධායන මධ්‍යස්ථානයට මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් කිහිපදෙනෙකු මේ වන විට ඇතුලත් කර ඇති බවත්, මධ්‍යම පලාතේ හගුරන්කෙත , මහනුවර ,පැණිදෙණිය , පොල්ගොල්ල , තෙල්දෙණිය, ලග්ගල පල්ලේගම යන ප්‍රදේශවල මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත්, නුවරඑලිය වලපනේ සහ නුවරඑලිය කොත්මලේ මල්දෙණිය යන ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථානය ස්ථාපනය කිරිමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් අසාදිතයන් 1398 , නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් 628 , මාතලේ දිස්ත්‍රික්කයෙන් 187 වශයෙන් කොවිඩ් 19 වයිරසය අසාදනය වු අසාදිතයන් හමු වි ඇති බවත් , ඉන් වැඩි පිරිසක් මේ වන විට නිරෝධානය මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා නිවාස වෙත පිටව ගොස් ඇති බවයි මධ්‍යම පලාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.



අදහස් (0)

බගවන්තලාවට නව නිරෝධායන මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site