
(අනීෂා මානගේ)
බෙලිඅත්ත පල්අත්තර ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රී සිදුවූ ටිපර් රථ යතුරුපැදි ගැටුමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රකාශ් සමරසිංහ (21) නම් තරුණයකු බව පොලිසිය කියයි.
වලස්මුල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය කරමින් තිබූ ටිපර් රථයක් ඉස්සරකර යාමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය අනතුරට ලක්ව පෙරළී ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදියෙන් පැමිණි තරුණයා ටිපර් රථයේ පිටුපස දකුණු පස ටයරයට යටවීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd