
(රේඛා තරංගනී ෆොන්සේකා)
වැසිබර කාලගුණික තත්ත්වයත් සමඟ මොරටුව ප්‍රදේශය පුරා හමාගිය දැඩි සුළං තත්ත්වයෙන් නිවාස 20 කට වැඩි සංඛ්‍යාවක් ආපදාවට ලක්වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර සම්බන්ධිකාරක අනුර කලංසූරිය මහතා පැවසීය.
වැස්සත් සමග හදිසියේ ඇතිවුණු දැඩි සුළගෙන් නිවාසයන්හී වහල ද මේ වන විට දැඩි ලෙස හානියට පත්වී ඇති අතර ධර්ම විජයාරාම විහාරයේ ධර්ම ශාලාවේ වහලේ කොටසේ ද ගසාගෙන ගොස් ඇතැයි ඒ මහතා පැවැසීය.
බටහිර ඉදිබැද්ද ග්‍රාම සේවා වසම,ඉහල ඉඳිබැද්ද පාර ජෝන් සැමුවෙල් මාවත, ආවාස පාර, යන ප්‍රදේශයන්හි නිවාස විස්සකට අධික සංඛ්‍යාවක් මේ වන විට ආපදාවට ලක්වී ඇත.
මේ අතර වඩු මඩුද විශාල ප්‍රමාණයක් තිබෙන බව සඳහන් කරන ඒ මහතා අදාල ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහන කණ්ඩායම් ඒ වෙත පිටත් කර යවා ඇතැයි වැඩිදුරටත් පැවසීය.
මොරටුව ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතාගේ උපදෙස් මත ඉදිරි සහන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැසි සහිත සුළගෙන් මොරටුවේ නිවාස 20 කට අධික සංඛ්‍යාවකට හානි