පිටවානෙන් පහළට යතුරුපැදිය පෙරැළි අයෙක් මරුට පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පිහිටි අලුත්වැවේ පිටවානෙන් පහලට යතුරුපැදියක් පෙරැළියාමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 06 January 2021
අලියකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට යතුරු පැදියකින් සිය නිවසට යමින් සිටි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට කිඩාගලේගමදි වන අලියෙකු පහර දිමෙන් අද (6) බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි. 06 January 2021
අලුත්ගම ක්ෂණික පරීක්ෂාවකදී 8 කට කොරෝනා තිබිලා අලුගම පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් දර්ගා නගරයේදී පුද්ගලයන් 164 දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් පුද්ගලයන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා අද (06) පැවසීය. 06 January 2021
මාතලේට නව නගරාධිපති වරයෙක් මාතලේ මහ නගර සභාවේ පුරප්පාඩු වි තිබු නගරාධිපති ධුරය සදහා උප නගරාධිපති ලෙස කටයුතු කළ (එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් .මහතා අද (06) තේරි පත් විය. 06 January 2021
බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක් නොර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ වතු කම්කරුවෝ පිරිසක් අද (06) දින වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටියහ. 06 January 2021
ත්‍රිරෝද රථයේ ගැටී යතුරුපැදිකරු මරුට ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අනුරුද්ධගම හංදිය අසලදී අද (05) සවස සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත තරුණයෙකු මිය ගිය බව ඇල්පිටිය පොලිසිය පවසයි. 05 January 2021
බඹරු ඇනීමෙන් සිසුවියන් තිදෙනකු රොහලේ තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. 05 January 2021
අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි අය වැය සදහා ඡන්දයක් ඉල්ලා මන්ත්‍රීවරු බහුතරයක් කෑකෝ ගසමින් හැසිරීම හේතුවෙන් අද (5 ) පැවති අම්බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම දැඩි උණුසුම් විය. 05 January 2021
පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට හිග අතිකාල දිමනා නොලැබිමට විරෝධය පා ( 5) අලුයම සිට සියලුම සේවකයින් සේවයෙන් ඉවත් වි ඇති බව කියයි. 05 January 2021
බිරිඳට උදැල්ලෙන් පහරදී සැමියා දිවි නසාගනී දන්කොටුව මැදිකැලේ ප්‍රදේශයේ නිවසක ඇතිවු ආරවුලක් දුරදිග ගොස් සිය බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ. 05 January 2021
වෑමැඩිල්ල ජලාශය වාන් දමයි දඹුල්ල ප්‍රදේශයට දිනපතා ඇදහැලෙන වර්ෂාවත් සමඟ මහවැලි ඇළ මාර්ග ඔස්සේ ලැබෙන ජල ප්‍රමාණය අධික වීමත් සමඟ වෑමැඩිල්ල ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇතැයි වාරිමාර්ග නිලධාරීහු පවසති. 05 January 2021
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරීම නිසා එහි වාන් 10න් වාන් දොරටු 06ක් අඩි 01 බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 05 January 2021
අනවසරෙන් පස්කැපූ ටිපර් රථ රියැදුරන් 18 ක් අත්අඩංගුවට නිකවැරටිය ප්‍රදේශයේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් භූමියක අනවසරයෙන් පස් කැපීමේ ජාවාරමක් වටලා ටිපර් රථ රියදුරන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අද(04) සමත්වූහ. 04 January 2021
සැකසහිත මළසිරුරක් කොටදෙණියාවේ සොහොනක මරා දමනලදැයි සැකකෙරෙන පුළුස්සා දමන ලද පුද්ගල මළසිරුරක් නාවාන සොහොන්බිමේ තිබී අද 4 දහවල් සොයාගත් බව කොටදෙණියාව පොලිසිය කියයි . 04 January 2021
රිය අනතුරින් තරුණයෙක් මරුට පිලියන්දල කැස්බෑව මාකන්දන ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් සහ යතුරු පැදියක් අද (4 )පෙරවරුවේ මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව පිළියන්දල පොලිසිය කියයි. 04 January 2021
වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුට පොලොන්නරුව බකමූණ සිරිකදුයා ප්‍රදේශයේදී අද(03) වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි. 03 January 2021
ආයුධ තොගයක් සමග අයෙක් අත්අඩංගුවට ජීව පතුරොම්, ගිනිඅවි, කඩු, කිණිස්සක් සිය නිවෙසේ සඟවාගත් බව කියන පෞද්ගලික ආයතනයක විධායක ඉංජිනේරුවකු අද බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු කියති. 02 January 2021
පහරදීමකින් අයෙක් මරුට අරණායක රහල සපත්තු පාලම අසලදි ඊයේ 01 රාත්‍රියේ 29 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකුට පොලුවලින් පහරදි ඝාතනය කර තිබෙ මෙසේ ඝාතනය කොට ඇත්තේ අරණායක අරම පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි. 02 January 2021
කොස්ගොඩ ඝාතනයේ සැකකරු අල්ලයි කොස්ගොඩ හෑගල්ල පියගමදී ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර පලා ගොස් සැගවී සිටි සැකකරු කොස්ගොඩ බාන්වැල්දූව ප්‍රදේශයේදී අද (1) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 01 January 2021
ත්‍රීරෝද රථ - ලොරි අනතුරකින් පුද්ගලයකු මරුට ගාලු පාරේ බලපිටිය පාතේගමදී අද (1) ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු මරුමුවට පත්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. 01 January 2021
ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරැළී අයෙක් මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් පැවැති ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 45 ක පමණ ප්‍රපාතයකට පෙරැළි යාමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව පොලීසිය පවසයි. 01 January 2021
මිනිස් ඇටසැකිළි හමුවූ ස්ථානයේ අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි තිබූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්සන් මහතා විසින් නියෝග කරනු ලැබීය. 01 January 2021
කොස්ගොඩදී පුද්ගල ඝාතනයක් කොස්ගොඩ හෑගල්ල පියගමදී අද (31) රාත්රියේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කොට ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි. 01 January 2021
ඉරණමඩු වැව පිටාර ගැලීමෙන් අවදානම් මාර්ග සඳහා වැලිකොට්ට යොදයි කිලිනොච්චිය කනගාම්භිකුලම් හා ඉරණමඩු වැව පිටාර ගැලීම හේතුවෙන් කැඩීයාමේ අවදානමට ලක්ව තිබෙන මාර්ග වැලිකොට්ට යොදා ආරක්ෂා කිරීමේ කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් අද (31) ආරම්භ කළේය. 31 December 2020
උගුරේ මාළු කටුවක් හිරවීමෙන් එක්දරු මවක් මරුට උගුරේ මාළු කටුවක් හිරවි හුස්ම ගැනිමට අපහසුවිමෙන් එක් දරුමවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරික්ෂණයක සාක්ෂි විභාගයේ දි අනාවරණය විය. 31 December 2020
හයිලෙවල් පාරේ බස් කළුඅග්ගලින් ඔබ්බට කොස්ගම පොලිස් බල ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කිරීම හේතුවෙන් දින හයක් පුරා කලුඅග්ගල දක්වා ධාවනය වූ බස් රථ අද (30) දා පස්වරුවේ සිට ඇස්වත්ත මංසන්ධිය දක්වා ධාවනය කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා පැවසීය. 30 December 2020
මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ පිරිසක් අත්අඩංගුවට මුඛ ආවරණ පවා නොමැතිව , සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් ,දැදුරුඔය අසල මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි පිරිසක් මුදල් සමග ඇලවක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද (30 ) පැවසීය. 30 December 2020
වන අලියකු පහර දීමෙන් තරුණයකු මරුට බැල්ලගස්වැව කුකුල්කරමැටිය වැව අසලදී අද (30) අලුයම වන අලියෙකු පහරදීමෙන් තරුණ ගොවියකු මරණයට පත්වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි. 30 December 2020
දැරිය අපයෝජනය කළැයි පෙදරේරුවා අත්අඩංගුවට පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කළබව කියන 34 හැවිරිදි පෙදරේරුවෙකු කුරුන්දන්කුලමදි අද(29)දින අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 29 December 2020
සබරගමුවට නවක ගුරුවරු 917 ක් සබරගමු පළාත් ගුරු සේවය සඳහා නවක ගුරුවරුන් 917 දෙනකු වෙත පත්වීම් ප්‍රධානය කිරීම සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. 28 December 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026