
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොස්ගම පොලිස් බල ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කිරීම හේතුවෙන් දින හයක් පුරා කලුඅග්ගල දක්වා ධාවනය වූ බස් රථ අද (30) දා පස්වරුවේ සිට ඇස්වත්ත මංසන්ධිය දක්වා ධාවනය කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා පැවසීය .
අවිස්සාවේල්ල රුවන්වැල්ල හා කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ ඉකුත් 24 දා හුදකලා කිරීම හේතුවෙන් පිටකොටුවේ සිට හයිලෙවල් මාර්ගයෙන් හා ලෝලෙවල් මාර්ගයෙන් අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ සියලුම බස් රථ කලුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගත් බව චානක ලංකානන්ද මහතා කීය .
ඒ අනුව මාර්ග අංක 239/ 2 පාදුක්ක අවිස්සාවේල්ල මාර්ගයේ ධාවනය වන බස් රථ ද කලුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගත් බව පැවසේ .
මේ අතර කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ හුදකලා බව (30) දා පස්වරුවේ ඉවත් කිරීමත් සමඟ කලුඅග්ගල දක්වා ධාවනය වූ සියලුම බස් රථ ඇස්වත්ත හන්දිය දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස අවිස්සාවේල්ල පර්යන්තයේ නිලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රාදේශීය කළමනාකාරතුමා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව මාර්ග අංක 122 පිටකොටුවේ සිට හයිලෙවල් මාර්ගයෙන් හා මාර්ග අංක 1/3 ලෝලෙවල් මාර්ගයෙන් අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථ හා 239/2 පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස්රථ ඇස්වත්ත හන්දිය දක්වා ධාවනය වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හයිලෙවල් පාරේ බස් කළුඅග්ගලින් ඔබ්බට