IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උගුරේ මාළු කටුවක් හිරවීමෙන් එක්දරු මවක් මරුට

(ජේ.කේ.එල් චාමින්ද)

 

උගුරේ මාළු කටුවක් හිරවි හුස්ම ගැනිමට අපහසුවිමෙන් එක් දරුමවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති  හදිසි මරණ පරික්ෂණයක  සාක්ෂි විභාගයේ දි  අනාවරණය විය.

 මියගොස් ඇත්තේ ගාල්ල ලබුදුව මහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ලියනාරච්චිගේ නන්දාවති (67) නැමැති තැනැත්තියකි.

හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය.

එහිදි මියගිය තැනැත්තියගේ පුතාවන ගම්මුදුවත්තගේ ධම්මික (42) නැමැත්තා සාක්ෂි දෙමින් මෙසේ කිවේය.

 මියගොස් ඇත්තේ මගේ මවය. පසුගිය 28 වැනිදින රාත්‍රි මව ආහාර ගනිමින් සිටියදී  උගුරේ මාළු කටුවක් හිරිවි තිබුනා. පසුව අම්මාට කෙසෙල්ගෙඩි  හා බත්ගුලි කැව්වා. පුද්ගලික වෛද්‍යවරයකුට ද පෙන්වා ප්‍රථිකාර ගත්තා. මවට පසවු අමාරු වුනා හුස්ම ගැනිමට අපහසු වුනා අම්මා කරාපිටිය රෝහලට ඇතුළත් කළා. බිරිද අම්මාගේ ළග හිටියා. 30 වැනි දා පාන්දර අම්මා නැතිවුණා. අම්මාගේ මරණය ගැන සැකයක් නැහැ.

පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකළාය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා  සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා   උගුරේ මාළුකටුවක් හිරවිම නිසා හුස්ම ගැනිමට අපහසුවිමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.



අදහස් (0)

උගුරේ මාළු කටුවක් හිරවීමෙන් එක්දරු මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site