(දයාරත්න ඇඹෝගම)
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කළබව කියන 34 හැවිරිදි පෙදරේරුවෙකු කුරුන්දන්කුලමදි අද(29)දින අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලය,කුරුන්දන්කුලම පදිංචි විවාහක 34 හැවිරිදි පෙදරේරුවෙකි.
වින්දිත දැරිය සහ සැකකරු අසල්වාසින් බව පොලිසිය කියයි.මෙම දැරියගේ පියා සහ සැකකරු පෙදරේරුවන් ලෙස රැකියාව සිදුකරන අතර එම හිතුවත්කම මත සැකකරු දැරියගේ නිවසට යන එන අතර වාරයේදි දැරිය අපයෝජනය කර ඇති බව පොලිසිය පැවසිය.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු අද (29)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd