සියඹලා ගසක් නිවසක් මතට වැටෙයි නිවැසියන්ගේ දිවි බේරෙති කන්දකැටිය මංසන්ධිය ආසන්නයේ පිහිටි නිවසක් මතට අද (22) උදෑසන දැවැන්ත සියඹලා ගසක් කඩා වැටීමෙන් ඒම නිවස මුළුමනින්ම විනාශයට පත්ව ඇති අතර පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු හාස්කමකින් මෙන් දිවි ගලවා ගෙන ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 22 December 2020
හෙදිය අනතුරකට ලක් කර පලා ගිය රථය ගැන තොරතුරු සොයයි කොරෝනා රෝගීන් හදුනාගැනීමේ පරීක්ෂණ කටයුතුවල යෙදී සිට සිය යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෙද සොයුරියක ඊයේ( 21) සවස අත්තනගල්ල පාලම අසලදී වෑන් රියක ගැටී අනතුරට පත්ව වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 22 December 2020
කහ මිල ඉහළයාම නිසා නොමේරු කහ ගලවා විකුණති කහ සදහා මේ දිනවල ඉහළ මිලක් ලැබීම නිසා ඇතැම් කහ ගොවීහු වෙළද පොළේ මෙන්ම මහමගද නොමේරු කහ ගලවා අලෙවි කරමින් සිටිති.කහ මෝරන්නටත් පෙර ළදරු අවදියේ දි ඇතැම් ගොවීහු අලෙවි කරති. 22 December 2020
කෝටියකට අධික රන්බඩු-මුදල් සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවු පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනය තුළ තිබූ සේප්පුවක් කපා රුපියල් කෝටියකට අධික රන් භාණ්ඩ සහ මුදල් ගැනීම සම්බන්ධයෙන් අද( 21) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි , 21 December 2020
අනවසර විදුලි රැහැන් වල පැටලී එළුවන් 12 ක් මරුට රස්නායකපුර ,කඩිගාව,සිංගංදලුව ප්‍රදේශයේ පොල්වත්තක ඇද තිබු අනවසර විදුලිය රැහැන් වල පැටලීමෙන් එළුවන් 12 දෙනෙකු සහ ප්‍රදේශයේ බල්ලන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල බව රස්නායකපුර පොලීසිය පවසයි. 21 December 2020
රැකියා ස්ථීර කරන්නැයි ඉල්ලා කුරුණෑගල උද්ඝෝෂණයක් පොරොන්දු වූ ආකාරයට වසරක පුහුණු කාලය අවසන් වීමෙන් පසුව තම රැකියා ස්ථිර කර දෙන ඉල්ලමින් 2019 වසරේ රැකියාලාභී උපාධිධාරී එකමුතුවේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (21) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. 21 December 2020
අශෝක් කුමාර් සිංගමුත්තු හල්දුම්මුල්ල ප්‍රා.සබේ සභාපති පුටුවට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අශෝක් කුමාර් සිංග මුත්තු මහතා අද (21) බහුතර ඡන්දයෙන් තේරීපත් විය. 21 December 2020
මෝටර් රිය ගසක හැපී පුද්ගලයකු මරුට දිඹුලාගල පැලෑටියාව ප්‍රදේශයේදී අද(21) ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපිමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරා මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 21 December 2020
නෝර්වුඩ්හි වසාදැමුණු විද්‍යාලය යළි අරී හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන තාවකාලිකව වසා දමා තිබු නොර්වුඩ් දමිළ මහා විද්‍යාලය අද(21) දින යලිත් විවෘත කර ඇත. 21 December 2020
පුද්ගලයකුට වෙඩිතැබූ විශ්‍රාමික සෙසු නිලධාරියා දැළේ මරණ තර්ජනය කරමින් පුද්ගලයෙකුට වායු පිස්තෝලයකින් වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (20) මිනුවන්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 20 December 2020
හොරෙන් ප්‍රශයට යන්න ගිය තරුණියක් අත්අඩංගුවට කූට ලෙස සකස් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය හරහා ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද(20) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 20 December 2020
තහනම් කළ ඇල්ලේ හෝටලයේ ඉදිකිරීම් යළි අරඹලා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කිසිදු ඉදිකිරිමකට අවසර ලබාදි නොතිබියදි අමිපාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වැල්ලවාය ඇල්ල මාර්ගයේ 16 කනුව ප්‍රදේශයේ අධික ලෙස නාය යෑමට ලක්වන ස්ථානයක හෝටලයක් ඉදිකිරිම සදහා ස්කැවෙිටර් යන්ත්‍රයක් යොදා මාර්ගයක් ඉදිකරමින් ඇතැයි ප්රදේශවාසිහු කියති. 20 December 2020
ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කරලා අම්බලන්තොට දෙහිගහලන්දේ දී ඊයේ (19දා) රාත්‍රී පුරුෂයෙකු විසින් උල් ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 20 December 2020
අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක් බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 130 දෙනකු එකවර වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි . 19 December 2020
නිධන් හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට හම්බන්තොට දිමුතුගම රණවරනාව වැව අසල නිධානයක් හාරමින් සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සවස අත්අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි. 19 December 2020
ආධුනික ගුවන් නියමු ශාලින්ද නික්ම යයි කන්තලේ සුරියපුරහි දී පසුගිය 15 වැනිදා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය ආධුනික ගුවන් නියමු කෑගල්ල මාපිටිගම අලුත් වලව්වේ පදිංචි ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (19) සිදුකෙරිණි. 19 December 2020
කෘතිම රා මධ්‍යස්ථානයක් වටලයි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ කෘතිම රා නිපදවිම සිදු කරමින් තිබු මධ්‍යස්ථානයක් අද ( 19) වටලා නිපදවා තිබු කෘතිම රා විශාල තොගයක් සමග එම රා නිපදවිමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් ද, උපකරණ තොගයක්ද, සැකකරුවකුද අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකය කියයි. 19 December 2020
වතුරේගම ධීවරයෝ උද්ඝෝෂණයක ශ්‍රී ලංකාවට තහනම් ධීවර පන්න ක්‍රමයක්වූ හැඹිලි දැල් තහනම් නීතිය වහාම යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගාලු පාරේ බලපිටිය වතුරේගමදී අද (17 ) උද්ඝෝෂණයක් පැවැත්වූහ. 17 December 2020
පාර මාරු වෙමින් සිටි කතක් යතුරු පැදියේ ගැටී මරුට පිටිගල දික්හේන ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් 74 හැවිරිදි කාන්තාවක් ඊයේ (16) රාත්‍රී මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 17 December 2020
ඇල්පිටියේ කසළ අංගනයට ගිනි තබයි ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට අයත් කුරුදුගහගැතැප්ම තලාව ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයට අද (16) රාත්‍රී 8 ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා පවසයි. 16 December 2020
ජල බවුසරය-ටිපරය එකිනෙක ගැටීමෙන් අයෙක් මරුට තලාතුඔය ඇතුල්ගම පින්නරාව ප්‍රදේශයේ අධික කදු බෑවුම් සහිත මාර්ගයක දී ජල බවුසරයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ජල බවුසරයේ රියදුරු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 December 2020
පැටවුම් යන්ත්‍ර ක්‍රියාකරු යන්ත්‍රය පෙරළී එතැනම මරුට හැටන් වටවල ප්‍රදේශයේ ගල් කොරියක පැටවුම් යන්ත්‍රයක් ධාවනය කල ක්‍රියාකරු පැටවුම් යන්ත්‍රය පෙරලි එම ස්ථානයේදිම (16) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය. 16 December 2020
ලුණු ලේවායේ සේවකයාගේ සිරුර බූන්දල වෙරළ තීරයේ හම්බන්තොට ලුණු ලේවායේ සේවකයකුගේ සිරුරක් බූන්දල පතිරාජ ප්‍රදේශයේ වෙරළ තීරයේ තිබී අද(16) සොයාගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. 16 December 2020
“ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ජ.වි.පෙ පාරට බසිති’’ දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සමව ලබා දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පුත්තලම නගරයේ විරෝධතාවයක (16) වන දින නිරත වූහ. 16 December 2020
හේනට ආ වනඅලියාගේ පහරින් තරුණයෙක් මරුට සූරියවැව උස්ගල ප්‍රදේශයේදී වනඅලියකුගේ පහරදීමට ලක්ව තරුණයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි සූරියවැව පොලිසිය කියයි. 15 December 2020
හික්කඩුව නගර සභාවේ අයවැය සම්මතයි හික්කඩුව නගර සභාවේ අයවැය අද (15) පැවති විශේෂ මහ සභා රැස්වීමේදී විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ඒක ඡන්දයෙන් සභා සම්මත විය. 15 December 2020
බලංගොඩ නගර සභාව උණුසුම් වෙයි බලංගොඩ නගර සභාවේ දෙසැම්බර් මාසයට නියමිත මාසික සහා රැස්වීම් ඵහි සභාපති චමික ජයමිණි විමලසේන වැවෙගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ඵම සහා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. 15 December 2020
බලන්ගොඩ නගර සභාපති මාසික සභා රැස්වීමේදී හදිසියේ රෝහල්ගත කරයි බලන්ගොඩ නගරසභාවේ මාසික රැස්වීම පවත්වන අතර තුර ඇති වු හදිසි අසනිප තත්ත්වයක් හේතුවෙන් අද (14) දා පස්වරුවේදී බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණ විමලසේන මහතා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත. 15 December 2020
දේශසීමා නීති උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට දේශ සිමා නීති උල්ලංඝණය කරමින්,ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහිත ධීවර යාත්‍රාවක් කල්පිටිය විජය නාවුක හමුදා මුර සංචාරක යාත්‍රාවක් මගින් අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි නාවුක හමුදාව පවසයි. 15 December 2020
නුවරඑළිය නගර සභා අය වැය සම්මතයි නුවරඑළිය මහනගර සභාවේ 2021 වර්ෂය සඳහා නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාව පාලක සියලුම නාගරික මන්ත්‍රී වරුන්ගේ සහාය මත සභා සම්මතවිය 15 December 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026